ශ්‍රී ලංකාවේ ණය ගාස්තු අනුපාතයන් පිළිබඳව අවබෝධ කර ගැනීම.

ඔබ ශ්‍රී ලංකාවේ පවතින හොඳම ණය ගාස්තු අනුපාතයන් වලට අදාළව ණය පහසුකමක් සලසා ගැනීම සදහා බලාපොරොත්තුවෙන් සිටීද? කාලයත් සමඟ ගාස්තු අනුපාතයන් සහ ඒවාට අදාළ වූ ගෙවීම් ආදිය ඉක්මනින් එකතු විය හැකි බව නොරහසකි. එම නිසා මෙම අනුපාතයන් අඩුවෙන්ම දක්වන විකල්පය සමග එකතු විය යුතුවේ. බැලූ බැල්මට, විවිධ ණය ලබාදෙන්නන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ ණය අනුපාතයන් පිළිබඳව සංසන්දනය කර බැලීමට අවධානය යොමු කිරීම තරමක අපහසු කාර්යයක් විය හැක. නමුත් කණගාටු නොවන්න – ශ්‍රී ලංකාවේ ණය ගාස්තු අනුපාතයන් පිළිබඳව ඔබ දැනගත යුතු සියලුම කරුණු සහ ඔබට උචිතම වූ ගාස්තු අනුපාතයක් තෝරාගැනීම සදහා CashX හට උපකාරී විය හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම මාර්ගෝපදේශනය මගින් පැහැදිලි කිරීමට කටයුතු කොට ඇත.

ශ්‍රී ලංකාවේ ණය ගාස්තු අනුපාතයන් පිළිබඳව අවබෝධ කර ගැනීම.

ශ්‍රී ලංකාවේ ණය ගාස්තු අනුපාතයන් පිළිබඳව තේරුම් ගැනීම වඩාත් සංකීර්ණ විය හැකි නමුත් එහි මූලික කරුණු පිළිබඳව අවබෝධයක් තබා ගැනීම ඔබගේ අවශ්‍යතාවන්හීදී දැනුවත් තීරණයක් කරා එළැඹීමට උපකාරී වේ. සාමාන්‍යයෙන්, කෙටි කොන්දේසි සහිත ණය පහසුකම් සඳහා වැඩි ගාස්තු අනුපාතයක් හිමවන අතර දිගු කාලීන ණය පහසුකම් සඳහා අඩු ගාස්තු අනුපාතයක් හිමිවේ. කෙසේ වෙතත්, මෙය නියත වශයෙන්ම ක්‍රියාවේ යෙදෙන නීතියක් නොවේ.

සාමාන්‍යයයෙන්, ශ්‍රී ලංකාව තුළ ණය ගාස්තු අනුපාතයන් තීරණය කරණු ලබන්නේ ඔබ අයදුම් කිරීමට බලාපොරොත්තු වන ණය වර්ගය, ඔබේ ණය ලකුණු ප්‍රමාණය, මූල්‍ය ඉතිහාසය සහ ඔබ පිරිනමනු ලබන ඕනෑම ඇපකරයක් මතය. (මේ ගැන වැඩි විස්තර පසුව පැහැදිලි කරඇත.)

Cash X විසින් සියලුම වර්ගවල ණය සැලසුම් සඳහා තරඟකාරී ගාස්තු අනුපාතයන් ඉදිරිපත් කර සිටින අතර, ඒවා අතරින් ඔබ සඳහා වූ උචිතම විකල්පයක් තෝරාගැනීම සදහා සහය දැක්වීමට අප කාර්‍යමණ්ඩලය සෑම විටම ඇප කැප වී සිටියි! ඔබ විසින් ණය ක්‍රමයන් පිළිබඳව සහ ණය ලබාදෙන්නන් පිළිබඳව පර්යේෂණ කර සිටින විට ඒවාට අදාළ වූ ගාස්තු අනුපාතයන් පිළිබඳව සෑම විටම සැලකිල්ලක් දැක්විය යුතුවේ. ශ්‍රී ලංකාවේ ගාස්තු අනුපාතයන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා තව දුරටත් මෙම ලිපිය වෙත අවධානය යොමු කරන්න.

ශ්‍රී ලංකාවේ ඇති ණය වර්ග.

ව්‍යාපාරයක සිට නිවාසය දක්වා වූ, ශ්‍රී ලංකාව තුළදී පුරවැසියකු හට පැනනගින විවිධාකාරයේ මූල්‍ය අවශ්‍යතාවන් සදහා බොහෝමයක් ණය පහසුකම් වර්ග හදුන්වා දී ඇත.

පුද්ගලික ණය

පුද්ගලික ණයක්, පාරිභෝගික ණයක් ලෙසද හැඳින්වෙන අතර, තම එදිනෙදා ජීවිතයේදී පැන නගින අනපේක්ෂිත වියදම් ආවරණය කිරීම්, නිවාස අලුත්වැඩියා කිරීම් හෝ සිහින නිවාඩුවක් ගත කිරීමක් වැනි ඕනෑම අරමුණක් ඉටු කරගැනීම සදහා ප්‍රායෝගිකව භාවිතා කළහැකි ක්‍රමයක් ලෙස මෙය හැදින්විය හැක. මෙහිදී ලබාගත හැකි මුදල් ප්‍රමාණයන් සාමාන්‍යයෙන් ණය ලබාදෙන්නාගෙන් ණය ලබාදෙන්නා මත වෙනස් වේ.

උදාහරණයක් වශයෙන් CashX ආයතනය විසින් මූල්‍යමය දුෂ්කර අවස්තාවන්හට මුහුණ දී සිටින අයවලුන් සදහා රු.80 000ක් දක්වා වූ මූල්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරයි.

නිවාස ණය

ශ්‍රී ලංකාවේ නිවාස වෙළඳපොල විසින් නිවාස හිමියන් සඳහා විවිධ උකස් ණය විකල්පයන් ඉදිරිපත් කොට ඇත. නිවාස ණය පහසුකමක් යනු තම සිහින නිවාසය මිලදී ගැනීමට, ඉදිකිරීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන් සදහා වූ ජනප්‍රිය ණය පහසුකම් වර්ගයකි; මෙම උකස් ණය පහසුකම් සාමාන්‍යයෙන් අඩු ගාස්තු අනුපාතයන්ගෙන් සහ දිගු ආපසු ගෙවීමේ කොන්දේසි වලින් සමන්විත වේ.

විශ්‍රාමික නිවාස සැලැස්මක් වැනි ඔබ තෝරා ගනු ලබන්නා ණය වර්ගය අනුව, ඔබට බදු අඩු කිරීම් ආදී පහසුකම්ද සලසා ගැනීමේ හැකියාවන් සලසා දෙනු ලබයි.

ව්‍යාපාර ණය

ව්‍යාපාර ණය ක්‍රමය මගින් කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර හිමියන් හට තම මෙහෙයුම් පුළුල් කිරීමට, ඉන්වෙන්ටරි මිලදී ගැනීමට, කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට හෝ දේපල හා උපකරණ මිලදී ගැනීම් වැනි අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා අවස්ථාවන් සලසා දෙනු ලබයි. ව්‍යාපාර ණය වල ගාස්තු අනුපාතයන් ඔබ තෝරාගනු ලබන්නා ණය සැලැසුම් හා අරමුණු අනුව වෙනස් වේ.

වාහන ණය

වාහන ණය පහසුකමක් මගින් ශ්‍රී ලාංකිකයන් හට බයිසිකල් හෝ කාර් වැනි තමන්ගේම මෝටර් රථයක් මිලදී ගැනීමට කිසිම කරදරයකින් හෝ ආතතියන්ගෙන් තොර අවස්තාවන් සලසා දෙනු ලබයි. විවිධ මූල්‍ය තත්වයන් හට ගැලපෙන පරිදි ආපසු ගෙවීමේ විකල්ප රාශියක් සමඟින් මෝටර් රථ හිමිකාරිත්වය ලබා ගැනීමට සහ පහසුවෙන් ණය පහසුකමක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව මෙමගින් සලසා දෙනු ලබයි.

ශ්‍රී ලංකාවේ ණය ගාස්තු අනුපාතයන් සංසන්දනය කර බැලීම.

ශ්‍රී ලංකාවේ විවිධ ණය ලබාදෙන්නන් විසින් පිරිනමනු ලබන වර්තමාන ණය ගාස්තු අනුපාතයන් පිළිබඳ ලැයිස්තුවක් පහතින් ඉදිරිපත් කොට ඇත. මෙම ගාස්තු බැංකුව හා ණය දෙන්නා අනුව හෝ කිසිදු දැනුම්දීමකින් තොරව වෙනස් වීම් වලට භාජනය විය හැකි බව සලකන්න.

පුද්ගලික ණය

බැංකුවගාස්තු අනුපාතයවිශේෂ වැඩසටහන්
සණස සංවර්ධන බැංකුව (SDB Bank)5-10%විශ්‍රාමිකයින් වැනි විශේෂ ණය ගැතියන් සඳහා අඩු ගාස්තු අනුපාත යටතේ ණය ලබා දෙන වැඩසටහන්
සෙලාන් බැංකුව ( Seylan Bank )7.5-12%
ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB)8-11%
සම්පත් බැංකුව14.50-16.50%
හැටන් නැෂනල් බැංකුව (HNB)9.50-12%ණය මුදල මත පදනම්ව අභිරුචිකරණය කළ හැකි ගාස්තු අනුපාත ඉදිරිපත් කර සිටියි.

නිවාස ණය

බැංකුවගාස්තු අනුපාතයවිශේෂ වැඩසටහන්
ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB)8.00%- 9.75 %8.00% ක තරම් අඩු ගාස්තු අනුපාතයන් ගෙන් යුත් නිවාස උකස් ණය ක්‍රමය.
සෙලාන් බැංකුව ( Seylan Bank )9.50%- 14.50%විචල්‍ය ගාස්තු අනුපාතයන්ගෙන් සහ ආපසු ගෙවීමේ විකල්ප සමඟ නිවාස ණය පැකේජ මාලාවක් ඉදිරිපත් කරයි.
හැටන් නැෂනල් බැංකුව (HNB)8.25%- 10%
ලංකා ප්‍රොපර්ටී (Lanka Property)24-25%ණය ලබාගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන නිවාස වර්ගයට අනුව නම්‍යශීලී ගාස්තු අනුපාතයන් ලබාදෙයි.
සෙවණ නිවාස ණය (Sevana Housing)11.50- 12.00%

පවතින ආර්ථික තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ණය ලබාදෙන්නන් විසින් නිරන්තරයෙන් තම ගාස්තු අනුපාතයන්ගේ වෙනස් වීම් සිදු කරන බව සැලකිල්ලට ගතයුතුය. එබැවින් ඔබ විවිධ ණය සැලසුම් පිළිබඳව සොයන අතරතුරදී නවතම මිල ගණන් සමඟ යාවත්කාලීන කරන ලද තොරතුරු ලබාගැනීම හා විශ්ලේෂණය ඉතාමත් වැදගත් වේ. බැංකුවක් හරහා ණය පහසුකමක් වෙත අයදුම් කිරීමේ ක්‍රියාවලිය අති විශාලයයි හෝ බැංකු ණය ක්‍රමය ඔබට උචිත නොවන්නේ යැයි කියා සිතෙනවා නම්, CashX වැනි ඔබගේ අවශ්‍යතා සපුරාලිය හැකි සාධාරණ හා ලාභදායි අන්තර්ජාල ණය දෙන වේදිකාවක් වෙත ප්‍රවේශ වීමේ අවස්තාව ඇත.

අපගේ සේවාවන් ගැන වැඩිදුර විස්තර මෙතැනින් දැනගන්න.

ශ්‍රී ලංකාවේ හොඳම ණය ගාස්තු අනුපාතයන් ලබාගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව තුළ පවතින සමහර ණය ගාස්තු අනුපාතයන් පිළිබඳව දැනටමත් ඔබ දැනුවත් වී ඇති බැවින්, ඔබට හැකි හොඳම ගනුදෙනුව තෝරා ගැනීමට උපකාරී වන උපදෙස් මාලාවක් මෙලෙසින් දක්වා ඇත:

හොඳ ණය ලකුණු ප්‍රමාණයක් පවත්වාගෙන යාම:

ණය මුදලක් ලබාගැනීම හා එයට සම්බන්ධ අනෙකුත් සියලු කාරණා මෙන්ම, ආකර්ශනීය ගාස්තු අනුපාතයන්ගෙන් යුත් ණය අනුමත කරගැනීමක් සදහා හොද ණය ලකුණු ප්‍රමාණයක් පවත්වා ගැනීම ඉතාම වැදගත්ය. ඔබට නියමිත වේලාවට ආපසු ණය ගෙවීම් කළ හැකිද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට ණය ලබාදෙන්නන් විසින් ණය ලකුණු පිළිබඳව අවධානය යොමු කරයි. ඔබගේ ණය ලකුණු වැඩි වන තරමට, සියලු වර්ගවල ණය පහසුකම් සඳහා වඩාත් හොඳ ගාස්තු අනුපාතයන් ලබා ගැනීමේ ඉඩකඩ වැඩිවේ.

ඔබේ ණය ඉතිහාසය හේතුවෙන් ඔබට ණය පහසුකමක් වෙත ප්‍රවේශ වීමේ ගැටලුවක් පවතී නම්, CashX වෙත යොමු වී ඔබගේ හැදුනුම්පත හා මූලික සම්බන්ධතා තොරතුරු කිහිපයක් ඉදිරිපත් කොට ණය අනුමත කරගැනීමේ හැකියාව ඇත!

ණය පහසුකමක් වෙත අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව තවදුරටත් දැනගන්න!

හොඳම ණය ගාස්තු අනුපාතයන් සඳහා සාප්පු සවාරි වල යෙදීම:

සාප්පු සවාරි යන්නෙන් ඔබ සෑම විටම යමක් මිලදී ගත යුතු බව අදහස් වන්නේ නැත! ඔබගේ මූල්‍ය තත්ත්වයන් සඳහා වඩාත් හොඳින් ක්‍රියා කරන හා ඔබට උචිතම වූ ගාස්තු අනුපාතයන් සොයා ගැනීමටද “සාප්පු සවාරි” වල යෙදිය හැක. ඔබට හොඳම ණය ගනුදෙනුවක් ලබා ගැනීම සහතික කර ගැනීම සඳහා විවිධ ණය ලබාදෙන්නන් සහ ඔවුන්ගේ ණය දීමනා පිළිබඳව විශ්ලේෂණාත්මකව සංසන්දනය කර සිටින ලෙස අපි නිර්දේශ කර සිටින්නෙමු.

වඩාත් හොඳ ගාස්තු සඳහා බැංකු සමඟ සාකච්ඡා කර සිටීම:

ඔබ විශාල ණය මුදලක් වෙත ප්‍රවේශ වීමට අදහස් කරන්නේ නම්, එම ණය මුදලට අදාළ වූ ගාස්තු අනුපාතයන් පිළිබඳව සාකච්ඡා කර බැලීමේ අවස්තාවක් බොහෝ සලසාගත හැකිවනු ඇත. බැංකු විසින්, හොඳ ණය ලකුණු ප්‍රමාණයක් සහ සාධාරණ ආපසු ගෙවීමේ සැලැස්මයන් ඇති අයදුම්කරුවන් තම දිගුකාලීන ගනුදෙනුකරුවන් ලෙස සලකයි.එබැවින් ඔබට ඔවුන් වෙත නිවැරදි ආකාරයෙන් ප්‍රවේශයක් ලබාගත හැකි නම් තරඟකාරී මිල ගණන් යටතේ තම ණය පහසුකම් සලසා ගැනීමට එකගකර ගැනීමේ හැකියාවක් ඇත.

ඔබගේ ණය ගාස්තු අනුපාතයන් කෙරෙහි බලපා හැකි සාධක:

ආකර්ශනීය ගාස්තු අනුපාතයකට ණය පහසුකමක් සලසා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක් ඇත.ඉන් කිහිපයක් පහත ආකාරයට විස්තර කොට ඇත.

ණය ලකුණු ප්‍රමාණය

ඉහත සඳහන් කළ පරිදි ණය පහසුකමක් සඳහා ගෙවීමට සිදුවන ගාස්තු අනුපාතයන් පිළිබඳව තීරණය කිරීමේදී ඔබගේ ණය ලකුණු ප්‍රමාණය ප්‍රධාන සාධකයක් ලෙස සලකා බලනු ලබයි. ණය ලබාදෙන්නන් විසින් ඔබට ණය ආපසු ගෙවීමට ඇති හැකියාව පිළිබඳව මෙමගින් තක්සේරු කරනු ලබයි. ඔබගේ ණය ලකුණු ප්‍රමාණය වැඩි වන තරමට, අඩු ගාස්තු අනුපාතයන් යටතේ ණය පහසුකමක් සලසා ගැනීමට ඇති අවස්ථාව වැඩිකර දෙනු ලබයි.

ණය මුදල සහ කාලසීමාව.

ඔබ ණයට ගන්නා මුදල සහ ආපසු ගෙවීමේ කාලසීමාවන්ද ඔබගෙන් අය කරගනු ලබන ණය පොලි අනුපාතයන් වෙත බලපෑමක් ඇති කරනු ලබයි. සාමාන්‍යයෙන්, ණය මුදල වැඩි වන තරමට සහ ආපසු ගෙවීමේ කාලය වැඩි වන තරමට ණය ගාස්තු අනුපාතයන්හි වැඩි වීමක් සිදු වේ. එබැවින් ණය පහසුකමක් වෙත අයදුම් කිරීමට පෙර එය ආපසු ගෙවීම සඳහා ඇති කාලරාමුව සහ එයට අදාළ සැලසුම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

ඇපකරය

ඔබ සුරක්ෂිත ණයක් සඳහා අයදුම් කර සිටින්නේ නම්, ණය ගැනුම්කරු විසින් ගෙවීම් කිරීමට අපොහොසත් වුවහොත් ණය දෙන්නා හට ආපසු යමක් ලැබෙන බවට සහතික කර ගැනීමට ඇපකරයක් අවශ්‍ය වේ. ණයක් සුරක්ෂිත කිරීම සඳහා භාවිතා කරන ඇපකරයේ වර්ගය සහ එහි වටිනාකම එම ණය මුදලට අය කර සිටින ගාස්තු අනුපාතය කෙරෙහි බලපෑමක් ඇති කරයි.

රැකියා තත්ත්වය සහ ආදායම

ඔබගේ වර්තමාන රැකියා තත්ත්වය සහ ආදායම් තත්වය ණය පහසුකමක් සඳහා වූ ගාස්තු අනුපාතයන් තීරණය කිරීමේදී ප්‍රධාන සාධකයක් කොට සලකයි. ඔබට ස්ථාවර රැකියාවක් තිබේ නම්, ණයක් සඳහා නියමිත වේලාවට ගෙවීම් කිරීමට හැකි බවට ණය ලබාදෙන්නන් විසින් සහතික කර සිටින අතර, එය ඔබට වඩාත් හොඳ ගාස්තු සහ ගාස්තු අනුපාතයන් සලසා ගැනීමට ඉඩප්‍රස්තාව සලසා දෙනු ලබයි.

ණය ලබාදෙන්නාගේ අවදානම්.

ණය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ණය ලබාදෙන්නන් හට විවිධ මට්ටමේ අවදානම් ඇතිවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ණය ගාස්තු අනුපාතයන්ගේද වෙනස් වීම් සිදුවිය හැක. ණය ලබාදෙන්නා විසින් වැඩි අවදානමක් ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම්, ණය ගාස්තු අනුපාතයන් පිළිබඳව එතරම් උනන්දුවක් ඔවුන් විසින් නොදක්වන අතර එම අනුපාතයන් ක්ෂේත්‍රයේ අනෙකුත් තරඟකරුවන් විසින් පිරිනමනු ලබන අනුපාතයන් වලට වඩා වැඩි විය හැකිය. ණය පහසුකමක් ලබා ගැනීමට පෙර, එය පිළිබඳව ඔබේ පර්යේෂණයන් සිදු කිරීම අවශ්‍ය වේ.- ණය දෙන්නන් අතර දෝලනය වන ණය ගාස්තු අනුපාතයන් සැසඳීම මගින් ඔබට ගැලපෙන ණය දීමනාවක් තෝරා ගැනීමට සහ ණය ලබාගැනීමේ පිරිවැය අවම කර ගැනීමට කටයුතු සලසා දෙනු ලබයි.

අවසාන සිතුවිලි

ඔබගෙ මූල්‍ය අවශ්‍යතාවලට ගැලපෙන හොඳම ණය ගාස්තු අනුපාතයක් පිළිබඳව සොයා ගැනීම තරමක අභියෝගාත්මක කාර්යක් විය හැකිය. නමුත් විශ්ලේෂණාත්මක පර්යේෂණ සහ නීර්නයන් මගින් ඔබට අවශ්‍ය හොඳම ගනුදෙනුව තෝරා ගැනීමේ අවස්තාව හිමිවනු ඇත. අප ඉහත සාකච්ඡා කළ සාධක පිළිබඳව හොදින් අවධානය යොමු කොට සහ ඔබගේ ණය පහසුකම වෙත සිදුවිය හැකි අතපසු වීම් පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වන්න.

හොඳම ණය අනුපාතයක් තෝරා ගැනීම කෙතරම් දුෂ්කර ක්‍රියාවලියක් දැයි CashX අප විසින් හොදින්ම අවබෝධය කරගෙන ඇති අතර, ඔබට සදහා වූ හොඳම ගනුදෙනුව තෝරා ගැනීමට අවශ්‍ය සියලු උපකාරයන් හා මාර්ගෝපදේශයන් ලබා දීමට අපගේ කණ්ඩායම සෑමවිටම ඔබ වෙනුවෙන් සැදී පැහැදී සිටිනු ඇත! වැඩිදුර විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න.

නිතර අසන පැනයන් (FAQ)

ශ්‍රී ලංකාවේ ණය අනුපාත?

ශ්‍රී ලංකාවේ ණය අනුපාතයන් ඔබ තෝරාගනු ලබන්නා ණය වර්ගය අනුව සහ ණය ලබාදෙන්නා අනුව වෙනස් වේ. මෙම ගාස්තු අනුපාතයන් පුද්ගලික ණයක් සඳහා 7% සිට නිවාස ණයක් සඳහා 15% දක්වා වූ පරාසයක විහිදී යයි. කෙසේවෙතත් ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමට පෙර විවිධ ණය ලබාදෙන්නන්ගේ ගාස්තු අනුපාතයන් පිළිබඳව සංසන්දනය කර බැලීම ඉතාමත් යෝග්‍ය වේ.

ශ්‍රී ලංකාවේ අඩුම ණය ගාස්තු අනුපාත?

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අඩුම ණය ගාස්තු අනුපාතයන් පිරිනමනු ලබන්නේ වත්කම් ඇපයකරයක් තබාගෙන ලබාදෙනු ලබන නිවාස ණය හෝ වාහන ණය වැනි සුරක්ෂිත ණය පහසුකම් සඳහා වේ. මෙවැනි ණය වර්ග සඳහා ශ්‍රී ලංකාවේ බැංකු විසින් 6% සිට 10% දක්වා පරාසයක අඩුම ගාස්තු අනුපාත වලින් යුත් ණය පහසුකම් සලසා දෙනු ලබයි.

ශ්‍රී ලංකාවේ ණය ගාස්තු අනුපාත?

ශ්‍රී ලංකාවේ ණය ගාස්තු අනුපාතයන්, ණය වර්ගය, ණය මුදල සහ ණය ලබාදෙන්නා අනුව එකිනෙකට වෙනස් වේ. පුද්ගලික ණය සඳහා ගාස්තු අනුපාත 7% සිට 15% දක්වා වූ පරාසයක් තුළ පැවතිය හැකිවන අතර නිවාස ණය සඳහා ගාස්තු අනුපාත 6% සිට 12% දක්වා පරාසයන් තුළ පැවතිය හැකිය.

ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි ණය වර්ග මොනවාද?

ශ්‍රී ලංකාව තුළ පුද්ගලික ණය, නිවාස ණය, ව්‍යාපාර ණය සහ වාහන ණය වැනි විවිධාකාරයේ ණය වූ වර්ග පුරවැසියන් හට පිරිනමනු ලබයි.

ශ්‍රී ලංකාවේ ණය ගාස්තු අනුපාත කෙරෙහි බලපාන සාධක මොනවාද?

ශ්‍රී ලංකාවේ ණය ගාස්තු අනුපාතයන් කෙරෙහි එම ණය මුදල ඉල්ලුම් කර සිටින තැනැත්තාගේ ණය ලකුණු ප්‍රමාණය, ණය මුදල, ණය ආපසු ගෙවීමේ කාලසීමාව, ඇපකරය, රැකියා තත්ත්වය ,ආදායම, සහ ණය ලබාදෙන්නාගේ අවදානම් මනාපය ආදී සාධක බලපෑමක් ඇති කරයි.

ශ්‍රී ලංකාව තුළ පවතින හොඳම ණය ගාස්තු අනුපාතයන් ලබා ගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව තුළ පවතින හොඳම ණය ගාස්තු අනුපාතයක් ලබා ගැනීමට නම්, හොඳ ණය ලකුණු ප්‍රමාණයක් පවත්වා ගැනීමටත්, හොඳම මිල ගණන් තෝරාගැනීම සඳහා සාප්පු යෑමටත්, විශාල ණයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් වඩා හොඳ ගාස්තු සාකච්ඡා කර ගැනීම සඳහා බැංකුවක් සමග සම්බන්ධ වීමක් ආදී පියවරයන් අනුගමනය කළ හැක.

ශ්‍රී ලංකාවේ පුද්ගලික ණය සඳහා ඇති ණය ගාස්තු අනුපාතයන් මොනවාද?

ශ්‍රී ලංකාවේ පුද්ගලික ණය පහසුකම් සඳහා SDB බැංකුව විසින් 5-10%, සෙලාන් බැංකුව විසින් 7.5-12%, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් 8-11%, සම්පත් බැංකුව විසින් 14.50-16.50%, සහ හැටන් නැෂනල් බැංකුවෙන් 9.50- 12% ආදී වශයෙන් ගාස්තු අනුපාතයන් ඉදිරිපත් කරනු ලබයි.