මූල්‍ය බාධක බිඳ දැමීම: ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ණය පහසුකම්.

සාම්ප්‍රදායික බැංකුවලින් විශාල ණයක් ලබා ගැනීමට මූල්‍ය සම්පත් නොමැති ව්‍යාපාර හිමිකරුවන්ට සහ ව්‍යවසායකයින් හට උපකාර කිරීම සඳහා කුඩා මුදල් ප්‍රමාණයකට ප්‍රවේශය ලබා දෙමින් ඔවුන් හට මූල්‍ය සහයෝගයක් ලබාදීම හේතුවෙන් මෙම ක්ෂුද්‍ර ණය ක්‍රමය කුණාටුවක් මෙන් ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතී.

දරිද්‍රතාවයෙන් මිදීමට හෝ තමන්ගේම ව්‍යවසායකත්වයක් ගොඩනංවා ගැනීමට උත්සාහ කරන කෙනෙකු හට මෙම ක්ෂුද්‍ර ණය ක්‍රමය යනු මූල්‍ය දොරටුවක් ලෙස සදහන් කරහැක. මෙම ලිපිය මගින්, ක්ෂුද්‍ර ණයක් යනු කුමක්ද, එය ක්‍රියා කරන්නේ කෙසේද යන්න සහ එයින් ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද යන්න වග පිළිබඳව සාකච්ඡා කර සිටියි.

ක්ෂුද්‍ර ණයක් යනු කුමක්ද ?

ක්ෂුද්‍ර ණයක් යනු, නිත්‍ය ආදායමක්,ඇපකරයක් හෝ ණය ඉතිහාසයක් නොමැතිකම හේතුවෙන් මූල්‍ය පහසුකමක් සලසා ගත නොහැකිව සිටින පුද්ගලයන් හට ලබාගත හැකි කුඩා ප්‍රමාණයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය වර්ගයකි.

මෙම ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය ව්‍යවසායක අවස්ථාවක් ලබා ගැනීමට කැමති සහ සාර්ථකත්වය සඳහා විභවයක් ඇති පුද්ගලයෙන් හට, තම ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සලසා ගැනීමට නොහැකිව සිටින අවස්තාවකදී උපකාරී විය හැකි මූල්‍ය පහසුකමකි.

ක්ෂුද්‍ර ණය සේවා හරහා, අභිලාෂකාමී ව්‍යවසායකයින් හට තම ව්‍යාපාරය ඉදිරියට තැබීමට සහ තම සංකල්පයන් යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගත හැකිය.

මීට අමතරව, හදිසි සෞඛ්‍ය සේවා වියදම්, උපකාරක පන්ති ගාස්තු ගෙවීම් වැනි හදිසි මූල්‍ය අවශ්‍යතා ආවරණය කිරීම් සඳහා අවශ්‍ය විය හැකි පුද්ගලික ප්‍රාග්ධනය ආවරණය කරගැනීමට මෙම ක්ෂුද්‍ර ණය මගින් උපකාර කර සිටියි.

මෙම කුඩා ප්‍රමාණයේ ණය පහසුකම් හරහා පුද්ගලයෙකු හට තමන්ගේ වර්තමාන ආදායමට වඩා විශාල මිලදී ගැනීමකට අවශ්‍ය මූල්‍ය පහසුලමක් සලසාගත හැකි අතර, දරිද්‍රතාවයෙන් මිදීමට මාර්ගයක් සපයයි.

CashX ශ්‍රී ලංකාවේ තම පාරිභෝගිකයින් හට පහසු ණය කොන්දේසි, අඩු ගාස්තු අනුපාත සහ වේගවත් ණය අනුමත කිරීම් වැනි පහසුකම් සලසා දෙමින් ක්ෂුද්‍ර ණය පහසුකමක් සලසා ගැනීමේ මග පාදා ඇත!

එය ක්‍රියා කරන්නේ කෙසේද?

ක්ෂුද්‍ර ණය ක්‍රමය සැලසුම් කර ඇත්තේ සාම්ප්‍රදායික බැංකු වලින් විශාල ණය පහසුකම් සලසාගත ගත නොහැකි අයවලුන් හට කුඩා ප්‍රමාණයේ මුල්‍ය පහසුකමක් සලසාගත හැකි ආකාරයටයි. මෙම ණය වර්ගය සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයන්ගේ සිට සමහර අවස්ථාවකදී දහස් ගණනක් දක්වා වූ මූල්‍ය පරාසයක පවත්වාගෙන යන අතර රාජ්‍ය ආයතන, ලාභ නොලබන හෝ පුද්ගලික ණය දෙන්නන් විසින් ලබා දීම සිදු කරයි.

CashX ආයතනය හරහා ශ්‍රී ලංකාවේ සිටින ඕනෑම පුද්ගලයකු හට තම අයවැය ප්‍රමාණයන්ට සරිලන ආකරායේ, නම්‍යශීලී ආපසු ගෙවීමේ කොන්දේසි සමහ RS 80 000 දක්වා වූ ණය පහසුකමකට අයදුම් කිරීමේ හැකියාව සලසා දී ඇත. අප ආයතනය විසින් සෑම ණය පහසුකමක් සඳහාම දින 30ක් දක්වා වූ පහසු ආපසු ගෙවීමේ කාලසීමාවන් සලසා දීමට කටයුතු කර ඇත.

අපි සෑම විටම ඔබගේ ගණුදෙනුකරුවන් හට ආපසු ගෙවීමේ කාලසටහන් අනුගමනය කිරීමට සහ ඔවුන්ගේ ණය ගිවිසුම්වලට ඇලී සිටීමට දිරිමත් කරන්නෙමු. ගනුදෙනුකරුවන් නියමිත වේලාවට තම ගෙවීම් කරන තාක් කල්, CashX ආයතනය විසින් දෙපාර්ශවයටම සුමට අත්දැකීමක් ලබා දීමට සෑමවිම කැපවී සිටී.

ක්ෂුද්‍ර ණය පහසුකම් වල ඇති අවාසි:

සත්‍ය වශයෙන්ම අන් සියල්ලක මෙන්ම, සමහර ආකාරයේ ණය ක්‍රමයන් තුළද ප්‍රයෝජනවත් මෙන්ම හානිකරදායක තත්වයන් ද අඩංගු විය හැක. ක්ෂුද්‍ර ණය ක්‍රම භාවිතයේදී අඩුපාඩු තිබිය හැකි නමුත් ණය පහසුකමක් සලසා ගත නොහැකි පුද්ගලයන් හට ණය පහසුකමක් සදහා ප්‍රවේශයක් ලබාගැනීමට උපකාරී වේ.

කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ කොන්දේසි:

ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයේදී කළමනාකරණය කිරීමට අපහසු ආකාරයට කෙටිකාලින ණය ආපසු ගෙවීමේ කොන්දේසින් ඉදිරිපත් කරනු ලබයි. මෙය යම්විටෙක දැනටමත් මූල්‍ය දුෂ්කරතාවකින් පසුවන පුද්ගලයෙකු හට යම්කිසි පීඩනයක් ඇතිකරවිය හැකි කාරණයක් විය හැකි අතර, නියමිත වේලාවට ණය ආපසු නොගෙවන්නේ නම් තවත්වය වඩාත් සංකීර්ණ තත්වයකට පත්වනු ඇත. සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන්නන් විසින් වැඩි අවදානමක් තබාගෙන කටයුතු සිදු කරන නිසාවෙන් මේ ආකාරෙයේ කොන්දේසි වලට යටත් වීමට සිදු වන අතර, මෙම කෙටි කාලීන ණය පහසුකම් සදහා ඉහළ ගාස්තු අනුපාතයකන්ටද යටත් වීමට සිදුවනු ඇත.

ඉහළ ගාස්තු අනුපාතය:

ක්ෂුද්‍ර මුල්‍ය ණය ක්‍රමයේ ඇති තවත් අවාසියක් ලෙස එම ණය සදහා අය කරනු ලබන ඉහළ ගාස්තු අනුපාතයන් දැක්විය හැකි අතර, නියමිත වේලාවට හෝ සම්පූර්ණයෙන්ම තම ණය මුදල ආපසු ගෙවීමට අපහසු වන්නේ නම් තම මූල්‍ය දුෂ්කරතාව තවත් වැඩිවීමට එය බලපෑමක් ඇති කරනු ලබයි. විවිධ ණය ලබාදෙන්නන් අතර මෙම ණය ආපසු ගෙවීමේ කාලයන් සහ ගාස්තු අනුපාතයන් වෙනස් විය හැකි බැවින්, ක්ෂුද්‍ර ණය පහසුකමක් සලසා ගැනීමට පෙර තම ණය මුදලට අදාළව ඉදිරිපත් කරනු ලබන නියමයන් සහ කොන්දේසින් පිළිබඳව අධ්‍යනය කර සිටීමට වැදගත් වේ.

ඇතැම් සීමා කිරීම්:

සමහර ක්ෂුද්‍ර ණය සපයන්නන් විසින් ගැනුම්කරුවාගේ වයස හෝ ණය ලකුණු ප්‍රමාණයන් වැනි සීමාවන් පිළිබඳව සලකා බැලිය හැක. තවද, මෙම ක්ෂුද්‍ර ණයක් ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමට ණය ලබාගන්නා විසින් තම ව්‍යවසායක් හෝ මිලදී ගැනීමක් වැනි නිශ්චිත අරමුණක් සදහන් කර සිටිය යුතු වනු ඇත.

මට ක්ෂුද්‍ර ණය පහසුකමක් සලසා ගත හැකි වන්නේ කුමන ස්ථානයන්ගෙන්ද?

වර්තමානය වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයන්ගේ ඇති ප්‍රයෝජනයන් වැඩි වීමත් සමග පුළුල් පරාසයන්හි ණය ලබාදෙන ආයතනයන්ගේද වැඩි වීමක් පෙන්වයි. බැංකු ආයතන විසින් තම ආරම්භක පාරිභෝගිකයන් හට, ඔවුන්ගේ කුඩා හා මධ්‍ය පරිමාණ ණය දීමේ වැඩසටහන්වල කොටසක් ලෙස මෙම ක්ෂුද්‍ර ණය ක්‍රමය හදුන්වා දෙයි.

මීට අමතරව,මූල්‍යමය අවශ්‍යතාවන් ඇති අයවලුන් හට ක්ෂුද්‍ර ණය සේවාවන් සපයන ලාභ නොලබන සංවිධාන ගණනාවක්ද ඇත. අප කලින් කීවාක් මෙන් දිළිඳුකම හෝ වෙනත් හේතු නිසා සාම්ප්‍රදායික ණය පහසුකම් ලබා ගත නොහැකි අයවලුන් හට රජය විසින් සහනාධාර ලබාදීමක්ද සිදු කරනු ලබයි.

තවද, ඉතුරුම් සමුපකාර සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධාන වලින්ද බොහෝ විට මෙම ක්ෂුද්‍ර ණය සේවා සදහා කටයුතු සලසා දෙනු ලබයි.

තම මූල්‍යමය අපහසුතාවන් සදහා වේගවත් සහ පහසු විකල්පයන් සොයන අයවලුන් හට CashX විසින් කිසිදු ආකාරයක බාධාවකින් තොරව මාර්ගගත අත්දැකීමක් ඔස්සේ ක්ෂණික ණයක් ලබාගැනීමේ පහසුකම් සලසා දී ඇත. අපගේ සියලුම ණය සේවාවන් සදහා ඉක්මන් අනුමැතිය, ලාභදායී ගාස්තු සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ කොන්දේසි ඇතුළත් වේ.

අපත් සමග මාර්ගගත ණයක් ලබා ගැනීමේ ඔබේ ගමන ආරම්භ කිරීමට, සරලව:

  1. වෙබ් අඩවියෙහි ඔබ සදහා වෙන්වූ පුද්ගලික අවකාශයක් සාදා ගන්න.
  2. CashX සමඟ ගිවිසුම්ගත වන්න.

වඩාත් සවිස්තරාත්මක තොරතුරු සඳහා, “ණය සඳහා අයදුම් කරන්නේ කෙසේද” පිටුවට පිවිසෙන්න.

ක්ෂුද්‍ර ණය පහසුකමක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?

CashX වෙතින් ක්ෂුද්‍ර ණයක් සඳහා අයදුම් කිරීම ඉතාමත් පහසු හා සරල ක්‍රියාවලියකි. — ඔබගේ සම්බන්ධතා තොරතුරු සහ මූල්‍ය/බැංකු ගිණුම් තොරතුරු සමඟ පහසුවෙන් අයදුම් පත්‍රයක් පුරවන්න! එය සාමාන්‍යයෙන් කඩිනම් ක්‍රියාවලියක් වන අතර, ඔබගේ ජාතික හැඳුනුම්පත සහ දුරකථන අංකය වැනි තොරතුරු ඇතුළත් කොට මිනිත්තු කිහිපයකදී සම්පූර්ණ කලහැක.

එලෙසම, ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය වැනි ඔබගේ හැඳුනුම්පතට අදාළ වූ පින්තූරයක් ඉදිරිපත් කිරීමට සිදු වනුඇත.

අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු, අපි ඔබේ මූල්‍ය තත්ත්වයන් පිළිබඳව තක්සේරු කොට ඔබ අයදුම් කර සිටි ක්ෂුද්‍ර ණය පහසුකම සඳහා සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කරන්නෙමු. ඔබ සුදුසුකම් ලබා තිබෙන්නේ නම්, ආපසු ගෙවීමේ කාලය සහ ගාස්තු අනුපාතයන් ඇතුළත් ණය දීමනාව ඔබවෙත ලබා දීමට කටයුතු කරනු ලබයි.

මුදල් ණය පහසු කිරීම:

CashX විසින් ඕනෑම පුද්ගලයකු හට තම නිවසේ සිටම ක්ෂුද්‍ර ණය පහසුකමක් සලසා ගැනීමේ පහසු ප්‍රවේශන් සකසා දී ඇත. සාම්ප්‍රදායික බැංකු ණයක් වැනි ඔබගේ පුද්ගලික අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කරන ලද විකල්ප විසඳුමක් ලබා ගැනීම කොතරම් දුෂ්කර කටයුත්තක් දැයි අප තේරුම් ගෙන සිටි.

අපගේ ණය අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් සහ පහසු වේ! ඔබ කළ යුතු වන්නේ වෙබ් අඩවිය තුළ ඔබ සදහා වූ පුද්ගලික ඉඩකඩක් නිර්මාණය කරගෙන, Cash X සමඟ ගිවිසුමක් අත්සන් කිරීමයි! එවිට ඔබගේ දුරකථනය වෙත පණිවිඩයක් හරහා තහවුරු කිරීමේ කේතයක් ලැබෙනු ඇත. ඉන්පසු ඔබගේ මුදල් ඉතා සරලව ඔබ අතට ලබාගැනීමට කටයුතු සලසා දෙනු ලබයි.

ඔබගේ ණය විසඳුම් වෙත ප්‍රවේශ වීම වඩාත් පහසු කිරීමට සහ උපකාර සැලසීමට අපි මෙහි සෑමවිටම රැදී සිටින්නෙමු ඔබට අවශ්‍ය උපකාරයන් සහ අපගේ සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා අදම අප හා සම්බන්ධ වන්න.