මෙම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ පුද්ගලික ණය පහසුකමක් සලසා ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයෙකු හට,එම ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්‍යක්ශම කරගැනීම සදහා පුළුල් මාර්ගෝපදේශනයක් ලබාදීමට කටයුතු කර ඇත. ක්ෂණික ණය පහසුකමක් යනු කුමක්ද යන්න සහ එය අනෙක් ණය ක්‍රම වලින් වෙනස් වන්නේ කෙසේද යන්න මෙම ලිපිය මගින් සාකච්ඡා කරණු ලබයි. පුද්ගලයෙකුට මෙම ණය පහසුකමක් ලබාගැනීම උචිතවන්නේ දැයි තීරණය කිරීමට,මෙම ණය ක්‍රමයේ ඇති ප්‍රතිලාභයන් හා විභව අවධානම කෙරෙහි අවධානය යොමුකර යුතුය.
ඉන්පසුව මෙම ණය පහසුකමක් සලසා ගැනීමේදී අනුගමනය කරයුතු නිවැරදි මාර්ගෝපදේශයන් පිළිබඳව පියවරෙන් පියවර විස්තර කිරීමක් කර ඇත. ණය ගාස්තුන්, ණය කාල සීමාවන් සහ ආපසු ගෙවීමේ කාලසටහන් වැනි කරුණු සලකා බලා, විශ්වාසදායී ණය ලබාදෙන්නෙකු සොයා ගන්නේ කෙසේද යන්න පුළුල්ව මෙම ලිපිය මගින් විශ්ලේෂණය කර ඇත.
අවසාන වශයෙන්,මෙම ණය පහසුකමක් සඳහා සාර්ථකව අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැදගත් උපදෙස් මාලාවක් විස්තර කරණු ලබයි. මූල්‍ය ලේඛන සකස් කිරීම, සුදුසුකම් නිර්ණායක සපුරාලීම සහ ණය ප්‍රතික්ෂේප වීමට හේතු විය හැකි පොදු වැරදි වළක්වා ගන්නේ කෙසේද යන්න මෙම ලිපිය මගින් සාකච්ඡාකොට ඇත.
මෙම ලිපිය අවසානයේදී ශ්‍රී ලංකාවේ ඉක්මන් පුද්ගලික ණය ක්‍රමය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාගත හැකිවන අතර, ඔබගේ අවශ්‍යතාවලට අනුව නිවැරදි ණය පහසුකමක් තෝරා ගැනීමට සහ ඔබගේ ණය ඉල්ලුම්පත්‍රය සාර්ථකව සම්පූර්ණ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සම්පූර්ණ දැනුවත්භාවයක් ලබාගත හැක.
ශ්‍රී ලංකාවේ ණය ගාස්තු අනුපාත සහ ඒවාට අදාළ කොන්දේසි පිළිබඳ දැනුවත් වීම.
ක්ෂණික පුද්ගලික ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමේදී සලකා බැලිය යුතු වැදගත්ම සාධකයක් ලෙස එම ණය මුදලට අදාළ වන “ගාස්තු” දැක්විය හැක. ඔබ ලබාගැනීමට බලාපොරොත්තු වන ණය මුදලේ ප්‍රමාණය සහ කාලය අනුව මෙම ගාස්තුන් වෙනස් විය හැකි අතර, ආපසු ගෙවන මුළු මුදල කෙරෙහි ප්‍රධාන වශයෙන් පලපෑමක් ඇති කරයි. පුද්ගලික ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමට පෙර,එයට අදාළ වූ ගාස්තු අනුපාත ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවා ඔබේ ආපසු ගෙවීමට බලපාන ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය.
ගාස්තු අනුපාත යනු මොනවාද ? ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පුද්ගලික ණය සඳහා එය බලපාන්නේ කෙසේද?
ගාස්තු අනුපාත යනු ණය ලබා දෙන්නන් විසින් තම මුදල් භාවිතා කිරීම සඳහා ණය ගැණුම්කරුවන්ගෙන් අය කරන සිටින මූල්‍යමය ප්‍රතිශතයකි. ණය මුදල් ප්‍රමාණය, ණය වාරය සහ ණය ගැතියන්ගේ ණය සුදුසුකම් ඇතුළු සාධක මත මෙම වාර්ෂික ප්‍රතිශත අනුපාතයන් (APR) රඳා පවතී.
මෙම ගාස්තුන්, ක්ෂණික පුද්ගල ණය කෙරෙහි ක්‍රම කිහිපයක් ඔස්සේ බලපෑම් ඇති කරයි. පළමුව, එය මගින් ණය ලබාගන්නා කාලයට අදාලව ඔබ විසින් ගෙවිය යුතු මුළු මුදල තීරණය කරයි. ගාස්තු වැඩි වන තරමට ඔබට ආපසු ගෙවීමට සිදුවන මුදල් ප්‍රමාණය වැඩි වියහැක. දෙවනුව, ගාස්තු ඔබ ලබාගන්නා ණය මුදලට අදාළ වූ මාසික ණය වාරිකය කෙරෙහිද බලපෑමක් ඇති කරයි. ගාස්තු වැඩි වන තරමට මාසික ණය වාරික වලද වැඩි වීමක් සිදුවේ.
විවිධ ආකාරයේ ගාස්තු අනුපාත වර්ග සහ ඔබ සඳහා වඩාත් සුදුසු ගාස්තු අනුපාත වර්ගයක් තෝරාගැනීම.
ස්ථාවර, විචල්‍ය සහ සංයුක්ත ගාස්තු අනුපාත ඇතුළු අන්තර්ජාලය හරහා පුද්ගලික ණය පහසුකමකට අයදුම් කිරීමේදී සලකා බැලිය හැකි විවිධාකාර වූ ගාස්තු අනුපාත ක්‍රමයන් ඇත.
ස්ථාවර ගාස්තු අනුපාත ක්‍රමයේ ඇති ස්ථාවරත්වය හේතුවෙන් නිවැරදි තොරතුරු ලබාගැනීමේ හා අනාවැකි පලකිරීමේ හැකියාවක් ඇත. මෙම නිසා ඔන්ලයින් පුද්ගලික ණය පහසුකම් ලබාගැනීමේදී මෙම ක්‍රමය බහුල ලෙස භාවිතා වේ.
අනෙක් අතට, විචල්‍ය ගාස්තු අනුපාත ක්‍රමයේදී වෙළඳපල තත්ත්වයන් හා අනෙකුත් හේතු සාධක මත පදනම්ව අනුපාතයන්ගේ උච්චාවචනය වීමක් සිදුවේ. අනාගතයේදී ගාස්තුන් පහත වැටෙනු ඇතැයි ඔබ අපේක්ෂා කරන්නේ නම් මෙය උචිත විකල්පයක් ලෙස සදහන් කරහැකි නමුත් යම්කිසි හෙයකින් එම අනුපාත ඉහළ ගියහොත් අවදානමකට මුහුණ දීමට සිදුවිය හැක.
සංයුක්ත ගාස්තු අනුපාත යනු, මූලික ණය මුදලේ පොලිය හා දැනට උපයාගෙන ඇති ඕනෑම ගාස්තු ගණනයක් මත සිදු කරන ලද ගාස්තු අනුපාත ක්‍රමයක් වේ. ඔබගේ ණය මුදල ඉක්මනින් ගෙවා දැමීමට අදහස් කරන්නේ නම් මෙය උචිත විකල්පයක් ලෙස සදහන් කර හැකි අතර, මෙම ක්‍රමයේදී ඔබගේ සමස්ත ගාස්තු වියදමහි වැඩි වීමක් සිදුවේ.
ඔබගේ ක්ෂණික පුද්ගලික ණය පහසුකම සඳහා නිවැරදි ගාස්තු අනුපාත ක්‍රමයක් තෝරාගැනීමේදී, ඔබ ඔබේ මූල්‍ය තත්ත්වය, ණය ඉතිහාසය සහ ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතුය. ඔබ ස්ථායීතාවයන් කෙරෙහි කැමත්තක් දක්වන්නේ නම් ස්ථාවර ගාස්තු අනුපාත ක්‍රමය භාවිතා කරහැකි අතර, ඔබ අවදානමට බිය නොවන්නේ නම් විචල්‍ය අනුපාත ක්‍රමය වඩාත් සුදුසු වේ.
ණය කොන්දේසින් පිළිබඳ අධ්‍යනය සහ ඔබගේ ණය ආපසු ගෙවීමට එය බලපාන ආකාරය.
ණය වාරය යනු ඔබ ලබාගත් ණය මුදල ආපසු ගෙවීම සදහා ලැබී ඇති කාල සීමාවයි. ණය දෙන්නා හෝ ණය දෙන ආයතනය සහ ලබාගැනීමට බලාපොරොත්තු වන ණය මුදල් ප්‍රමාණය අනුව මෙම කාලසීමාවන් සති, මාස හෝ වසර කිහිපයක් දක්වා වෙනස් විය හැකිය. ඔබට ගෙවීම් කළ යුතු ණය වාරිකයන් සහ ආපසු ණය බේරීමේදී ගෙවිය යුතු මුළු මුදල මෙමගින් තීර්ණය කර හැකි බැවින්, ඔබ ණය ලබාගැනීමේදී මෙය පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වියයුතුය.
කෙටි ණය කොන්දේසින් අනුගමනය කිරීමෙන් ඔබට වැඩි මාසික වාරිකයන් වලට යටත් විය යුතු වුවත්, අඩු මුළු ගාස්තු පිරිවැයකින් ණය බේරා අවසන් කිරීමට හැකිවේ. දිගු ණය කොන්දේසි අඩු මාසික ගෙවීම්වලට හේතු විය හැකි නමුත් ඉහළ ගාස්තු පිරිවැයක් පෙන්වයි.
ණය වාරයක් තෝරාගැනීමේදී, ඔබේ මූල්‍ය ඉලක්ක සහ ආපසු ගෙවීමේ හැකියාවන් පිළිබඳව අනිවාර්යයෙන්ම සළකා බැලිය යුතුවේ. ඔබට ඉහළ මාසික වාරිකයක් දැරිය හැකි වන්නේ නම් කෙටි ණය වාරික ක්‍රමය උචිත විකල්පයක් විය හැකි නමුත්, ඔබට අඩු මාසික ගෙවීම් ක්‍රමයක් අවශ්‍ය වන්නේ නම්, දිගු ණය වාරික ක්‍රමයක් තෝරාගැනීම වඩාත් සුදුසු විය හැක.
ශ්‍රී ලංකාවේ ණය පහසුකමක් සලසා ගැනීමේදී තම අවශ්‍යතාවන්ට වඩාත් උචිත ආකාරයේ ණය දෙන්නෙකු තෝරාගැනීමට සලකා බැලිය යුතු සාධක කිහිපයක් තිබේ. ඒවා පහත පරිදිය.
- ආයතනයේ කීර්තිය:විශ්වාසදායක සහ යහපත් සේවා සැපයීමේ වාර්තා ඇති හොඳ ආයතනික නාමයක් දිනාගෙන සිටින ණය ලබා දෙන්නෙකු තෝරා ගැනීම වැදගත් වේ.
- ගාස්තු අනුපාත සහ ගාස්තු: එක් එක් ණය ලබාදෙන්නන්ගේ ණය මුදල් ප්‍රමාණ හා ණය ක්‍රමයන් අනුව, ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන ගාස්තුන් සහ අනෙකුත් කොන්දේසි සැලකිය යුතු ආකාරයට වෙනස් විය හැකි අතර, එය ණයෙහි සමස්ත පිරිවැය කෙරෙහි බලපෑමක් එල්ල කරයි. එවැනි ණය ලබා දෙන්නන්ගෙන් ගාස්තුන් සහ අනෙකුත් කොන්දේසින් පිළිබඳව විශ්ලේෂණාත්මකව සංසන්දනය කිරීමෙන් ඔබට හොඳම ගනුදෙනුවක් කරා යොමුවීමේ හැකියාව පවතී.
ඔබට ගෙවීමට හැකි මාසික ණය වාරිකය, ණයෙහි මුළු පිරිවැය සහ ඔබට ණය ආපසු ගෙවීමට ඇති කාලය වැනි හේතුසාධක මත පදනම්ව ණය දෙන්නා විසින් පිරිනමනු ලබන ණය කොන්දේසි වල වෙනස් වීම් සිදුවේ.
සමහර අවස්තාවන්හීදී එක් එක් ණය ලබාදෙන්නන් විසින් ණය ගැනුම්කරුගේ අවම ආදායම් මට්ටම හෝ එම පුද්ගලයාගේ ණය ලකුණු වැනි සාධකයන් කෙරෙහි අවධානයක් යොමු කරයි.එම නිසාවෙන් ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමට පෙර, ණය ලබාදෙන්නා විසින් ඉදිරිපත් කරනු ලබන අවශ්‍යතා මාලාව නිසියාකාරව සපුරාලන්නේ දැයි සොයා බැලීම වැදගත්වේ.
පාරිභෝගික සේවය: ණය ලබා දෙන්නෙකු සමඟ ගනුදෙනු කිරීමේදී හොඳ පාරිභෝගික සේවාවක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. ප්‍රතිචාරාත්මක, මිත්‍රශීලී සහ ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට කැමති ණය ලබාදෙන්නෙකු තෝරාගැනීමට වගබලා ගන්න.
ණය විකල්ප සංසන්දනය කිරීමෙන් ඔබගේ අවශ්‍යතාවන් සදහා උචිත වූ විකල්පයක් සොයා ගන්නේ කෙසේද?
ඔබේ අවශ්‍යතාවන් සදහා විවිධ ණය දෙන්නන් විසින් ඉදිරිපත් කරනු ලබන විකල්පයන් එකිනෙකට විශ්ලේෂණාත්මක සංසන්දනය කර බැලීමෙන් ඔබට අවශ්‍ය හොඳම පුද්ගලික ණය විකල්පය තෝරාගත හැක.
- පියවර 1: ඔබගේ අවශ්‍යතාවන් සහ අයවැය තීරණය කරන්න.
ණයක් සඳහා සෑම මසකම ඔබට කොපමණ මුදලක් ගෙවිය හැකිද යන්න සහ එය ගෙවීමට ඔබට අවශ්‍ය කාලය පිළිබඳව තීරණය කරන්න.
- පියවර 2: විවිධ ණය ලබාදෙන්නන් පිළිබඳව සොයා බැලීම.
විවිධ ණය ලබා දෙන්නන් ගැන සොයාබලා ඔවුන්ගේ ගාස්තු අනුපාත, ගාස්තු සහ ණය කොන්දේසි පිළිබඳව එකිනෙකට සංසන්දනය කර බලන්න.
- පියවර 3: පාරිභෝගික සමාලෝචන කියවන්න.
පාරිභෝගික සේවා මට්ටම සහ ණය දෙන්නාගේ විශ්වසනීයත්වය පිළිබඳ අදහසක් ලබා ගැනීමට, එම අදාළ ආයතනයන්ගේ පෙර පාරිභෝගිකයින් විසින් ඉදිරිපත් කරන ලද සමාලෝචනන් පිළිබඳව අවධානය යොමු කරන්න.
- පියවර 4: මිල ගණන් විස්තර ලබා ගන්න.
විවිධ ණය ලබා දෙන්නන් විසින් ඉදිරිපත් කරන මිල ගණන් සහ ගාස්තුන් එකිනෙක සංසන්දනය කොට බලන්න.
- පියවර 5: සියුම් මුද්‍රණයන් හා කොන්දේසින් කෙරෙහි අවධානය යොමු කරන්න.
සියලුම කොන්දේසි තේරුම් ගැනීම සදහා ණය ගිවිසුමේ ඇති සියුම් මුද්‍රණ කියවීමට වග බලා ගතයුතුය.
සියුම් මුද්‍රණය කියවීමේ වැදගත්කම:
අන්තර්ජාලය හරහා ක්ෂණික පුද්ගලික ණය පහසුකමකට අයදුම් කිරීමේදී ණය ගිවිසුමේ ඇති සියුම් මුද්‍රණයන් කියවීමට වගබලා ගත යුතුය.
ඔබගේ ණය මුදලට අදාළ ගාස්තු අනුපාත, ගාස්තු සහ කාලසීමාවන් ඇතුළුව, ණයෙහි නීති සම්පූර්ණයෙන්ම අවබෝධ කර ඇති බව මෙම කොටස මගින් සහතික කරනු ලබයි. සියුම් මුද්‍රණයේදී සොයා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පහට පරිදි වේ:
- ඔබට නියමිත වේලාවට ලබාගත් ණය මුදල ආපසු ගෙවීමට නොහැකි වන්නේ නම්, ණය දෙන්නා විසින් යම් ප්‍රමාද ගාස්තුවක් අය කර සිටිය හැකි.
- සමහර ණය ලබා දෙන්නන් විසින් ණය ආරම්භක ගාස්තුවක් අය කර සිටිය හැකි අතර, එම මුදල ණයක් සඳහා අයදුම් කිරීමේ ගාස්තුවක් ලෙස සලකණු ලැබේ.
- සමහර ණය ලබාදෙන්නන් විසින් ආපසු ණය අය කරගැනීමේ ක්‍රියාවලිය සදහා ස්වයංක්‍රීය ගෙවීම් ක්‍රමයක් ඉල්ලා සිටිය හැක. ඔබගේ බැංකු ගිණුමෙන් මාසික ගෙවීමක් හෝ ලබාගත ණය මුදලට අදාළ වාරිකය ස්වයංක්‍රීයව අඩු කිරීමක් මෙහිදී සිදු වේ.
- සමහර පුද්ගලික ණය ලබාදෙන්නන් විසින්, එම ණය මුදලට සුරක්ෂිතයක් ලෙස, ණය ලබාගන්නා පුද්ගලයා සතු වාහනයක්,දේපළක්, හෝ වෙළඳාමක් වැනි ඇපයකරයක් ඉල්ලා සිටිය හැක.
මෙම සියුම් මුද්‍රණයන් හොදින් කියවීමෙන්, ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන ණය මුදලට අදාළ නියමයන් සහ කොන්දේසි පිළිබඳව මනා වූ අවබෝධයක් ලබාගෙන අනාගතයේ ඇතිවිය හැකි අනුමාන නොකරන විශ්මයන් සහ සිදුවිය හැකි අපහසුතාවන් වළක්වා ගත හැක.
ඉක්මන් සහ පහසු අයදුම් කිරීමේ ක්‍රියාවලිය;
ක්ෂණික ණය වල ඇති ප්‍රධාන වාසියක් වන්නේ කාර්යයක්ෂම සහ පහසු අයදුම් කිරීමේ ක්‍රියාවලියයි. ලේඛන කටයුතු විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන සාම්ප්‍රදායික ණය ක්‍රමයන් මෙන් නොව, අවම ලේඛන ප්‍රමාණයක් සමඟින් අන්තර්ජාලය හෝ පුද්ගලිකව සම්බන්ධ වීමෙන් ක්ෂණික මුදල් ණය පහසුකමක් සදහා අයදුම් කිරීමේ හැකියාවක් ඇත. මෙම ණය පහසුකමක් සදහා අයදුම් කිරීම ඉතාමත් සරල ක්‍රියාවලියක් වන අතර, බොහෝ ණය ලබාදෙන්නන් විසින් තම ණය ගැණුම්කරුවන් හට හැකි තරම් පහසු සේවාවක් සැපයීමට සෑමවිටම උත්සාහ දරයි. කිසිම විටකදී පුද්ගලිකව බැංකුවට හෝ ණය ලබාදෙන්නා හමුවීමට නොගොස්, ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ සිට ඉතා සුවපහසු අයුරින් මෙම ණය පහසුකමක් සඳහා ඉල්ලුම් කළ හැක.
කඩිනම් ණය අනුමත කිරීම් සහ බෙදා හැරීම්;
ක්ෂණික ණයවල තවත් සැලකිය යුතු වාසියක් වන්නේ අදාළ ණය පහසුකම අනුමත කිරීමේ සහ මුදල් ලබාගැනීමේ වේගයයි. බොහෝ ණය දෙන්නන් විසින් එක් දිනයක් තුළ අයදුම්පතට අදාළව අනුමැතිය ලබාදීම සහ මුදල් ලබා දීම සිදු කරයි. බොහෝ විට විනාඩි 15 සිට පැයක් වැනි කාලයක් තුළදී මෙම ණය පහසුකමක් සලසා ගැනීමේ හැකියාව ඇත. මෙය විශේෂයෙන්ම වෛද්‍ය බිල්පත්, හදිසි අලුත්වැඩියාවන් හෝ ක්ෂණික අවධානය යොමු කළ යුතු අනපේක්ෂිත හා හදිසි වියදම් ආවරණය කරගැනීම සඳහා ප්‍රයෝජනවත් වේ.
ඇපකර හෝ ඇපකරුවන් අවශ්‍ය නොවේ.
බොහෝ සාම්ප්‍රදායික ණය පහසුකම් සඳහා ණය සුරක්ෂිත කිරීමක් ලෙස ණය ලබාගන්නා පුද්ගලයාට අදාළ වූ ඇපකරයක් හෝ ඇපකරුවෙකු ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, ක්ෂණික ණය ක්‍රමයේදී ඇපකරුවන් අවශ්‍ය නොවන අතර, මෙහි ඇති සරලබාවය හේතුවෙන් පුළුල් පරාසයක ගැනුම්කරුවන් හට මෙම ණය ක්‍රමය කෙරෙහි ප්‍රවේශ වීමේ හැකියාව සලසා දී ඇත.එයින් අදහස් කරනු ලබන්නේ ඔබට මෙවැනි වූ ණය පහසුකමක් ලබාගැනීමට, සුරක්ෂිතයක් ලෙස ඉහළ ණය ලකුණු ප්‍රමාණයක් හෝ වත්කම් අවශ්‍ය නොවන බවයි. ඒ වෙනුවට, ණය ලබාදෙන්නා විසින් ඔබගේ ආදායම, රැකියා තත්ත්වය සහ ගෙවීම් ඉතිහාසය වැනි අනෙකුත් සාධක මත පදනම්ව ඔබේ ණය සුදුසුකම් තක්සේරු කිරීමක් කරනු ලබයි.
නම්‍යශීලී ණය ආපසු ගෙවීමේ පහසුකම.
ක්ෂණික ණය පහසුකම් සදහා නම්‍යශීලී ආපසු ගෙවීමේ කාල සීමාවක් ලබා දෙන අතර, ණය ගැතියන් හට තම උචිතයන් පරිදි ආපසු ගෙවීමේ කාලසටහනක් තෝරා ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙනු ලබයි. එහිදී ඔබගේ උචිතයන් පරිදි ඔබට සරිලන සති හෝ මාසික මුදල් ආපසු ගෙවීමේ නියමයක් තෝරාගත හැක.
ඔබගේ ණය ලකුණු ප්‍රමාණය වැඩි දියුණු කරගන්න.
ක්ෂණික ණයවල තවත් වාසියක් වන්නේ ඔබගේ පෞද්ගලික ණය ලකුණු ප්‍රමාණය වැඩි දියුණු කිරීමට ඇති හැකියාවයි. ඔබ ලබාගත් ණය පහසුකමට අදාළ ගෙවීම් නියමිත වේලාවට සිදු කිරීමෙන්, ඔබගේ ණය සුදුසුකම් වලට අදාළව ධනාත්මක ඉතිහාසයක් ගොඩනගා ගත හැකිය. මෙය කාලයත් සමඟ ඔබගේ ණය ලකුණු ප්‍රමාණය වැඩි දියුණු කිරීමට හේතුවේ. අනාගතයේදී ණය පහසුකමක් ලබා ගැනීම මෙය තුළින් වඩාත් පහසු කර සිටියි.
හදිසි මූල්‍යමය අවශ්‍යතාවක් ඇති පුද්ගලයෙකු හට ක්ෂණික පුද්ගල ණය පහසුකමකින්, කඩිනම් හා පහසු මූල්‍යමය සහනයක් සලසා දෙනු ලබයි. මෙම ණය ක්‍රමයේදී ණය මුදලට අදාළ වන අනුමැතියන්, කිසිම ඇපකරුවකුගේ අවශ්‍යතාවයකින් තොරව ඉතාමත් නම්‍යශීලී, කඩිනම් හා පහසු ආකාරයකට සලසාගත හැකි අයුරින් නිර්මාණය කර ඇත. කෙසේ වෙතත්, ණය ගිවිසුමක් අත්සන් කිරීමට පෙර පිළිගත් ණය ලබාදෙන්නෙකු තෝරා ගැනීම මෙන්ම ඔවුන් විසින් අදාළ ණය මුදල සදහා ඉදිරිපත් කර ඇති නියමයන් සහ කොන්දේසි පිළිබඳව හොඳින් කියවා අවබෝධ කරගත යුතු වේ. ඔබගේ අවශ්‍යතාවට උචිත වන නිවැරදි ණය විකල්පයක් හා ණය ලබාදෙන ආයතනයක් තෝරාගැනීම මගින් ඔබගේ මූල්‍යමය අවශ්‍යතාවට ඉක්මන් හා පහසු පිලියමක් සලසාගත හැක.
ඔබේ ණය ලකුණු පරීක්ෂා කර බලන්න.
ඕනෑම ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමට පෙර, ඔබගේ ණය ලකුණු ප්‍රමාණය පිළිබඳව පරීක්ෂා කර බැලීම ඉතාමත් වැදගත් කරුණකි. ණය පහසුකමක් සඳහා සුදුසුකම් ලැබීමට මෙන්ම, ඔබට පිරිනැමිය හැකි ගාස්තු පිළිබඳව තීරණය කිරීමට, ඔබගේ ණය ලකුණු ප්‍රමාණය පිළිබඳව ණය ලබාදෙන්නන් විසින් සැලකීමකට ලක්කරයි. ඉහළ ණය ලකුණු ප්‍රමාණයක් තිබීම අඩු ගාස්තුකින් යුතු ණය පහසුකමක් ලබා ගැනීමට උපකාර වන අතර, අඩු ණය ලකුණු ප්‍රමාණයක් තිබීම ඉහළ ගාස්තුන්ට යටත් වීමට හෝ ණය ප්‍රතික්ෂේප වීමට හේතුවිය හැක. එබැවින්, ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමට පෙර ඔබගේ ණය ලකුණු ප්‍රමාණය පිළිබඳව පරීක්ෂා කර එය වැඩිදියුණු කිරීමට පියවර ගැනීම ඉතාම වැදගත් වේ.
නිවැරදි තොරතුරු ලබා දීමට වගබලා ගන්න.
පුද්ගලික ණයක් සඳහා අයදුම් කිරීමේදී නිවැරදි තොරතුරු සැපයීම ඉතාම වැදගත්ය. මෙයට ඔබගේ ජාතික හැඳුනුම්පත් විස්තර, ආදායම්, රැකියා තත්ත්වය සහ ණය ඉතිහාසය වැනි මූල්‍ය තොරතුරු ඇතුළත් විය හැක. වැරදි හෝ අසම්පූර්ණ තොරතුරු සැපයීම ණය ප්‍රතික්ෂේප කිරීමකට මෙන්ම නීතිමය ප්‍රතිවිපාකවලට පවා හේතු විය හැක. එබැවින්, ණයක් සඳහා අයදුම් කිරීමට පෙර සියලු තොරතුරු දෙවරක් පරීක්ෂා කර බලා නිවැරදි තොරතුරු ලබාදීම ඉතාම වැදගත් වේ.
නිවැරදි උපරිම ණය මුදලක් තේරීමට වගබලා ගන්න.
පුද්ගලික ණයක් සඳහා අයදුම් කිරීමේදී සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ නිවැරදි මුදල තෝරාගැනීමයි. ඔබගේ අවශ්‍යතාවට සරිලන සහ ආපසු ගෙවීමේ හැකියාව පවතින ණය මුදල් ප්‍රමාණයක් ලබාගැනීමට වගබලා ගත යුතුය. ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල ණයක් ලබාගැනීම, ඉහළ ගාස්තු ගාස්තු සහ වෙනත් කොන්දේසි වලට හේතු විය හැක. එමනිසා, ඔබගේ මූල්‍ය අවශ්‍යතා තක්සේරු කර ඒ අනුව අවශ්‍ය මුල්‍යමය පහසුකම සලසා ගැනීමට වගබලාගත යුතු වේ.
සුදුසුකම් නිර්ණායක පරීක්ෂා කර බැලීම.
පුද්ගලික ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමට පෙර, ණය ලබාදෙන්නා විසින් නියම කර ඇති සුදුසුකම් සහ නිර්ණායක පිළිබඳව පරීක්ෂා කර බැලීම ඉතාම වැදගත්ය. මේවාට අවම වයස් සීමාවන්, ආදායම් අවශ්‍යතා, රැකියා තත්ත්වයන් සහ ණය ඉතිහාසය වැනි සාධක ඇතුළත් විය හැක. නිර්ණායක සපුරාලීමට අපොහොසත් වීමෙන් ණය ප්‍රතික්ෂේප වීම්වලට හෝ ඉහළ ගාස්තු අනුපාත වලට මුහුණ දීමට සිදුවිය හැක.
පුද්ගලික ණය ගණක යන්ත්‍රය.
පුද්ගලික ණය ගනකයක් යනු, පුද්ගලික ණය පහසුකමක පිරිවැය තේරුම් ගැනීමට උපකාර කළහැකි ප්‍රයෝජනවත් අන්තර්ජාල මෙවලමකි. පුද්ගලික ණය ගනකයකට, ඔබට ලබාගැනීමට අවශ්‍ය ණය මුදල, ගාස්තු අනුපාතිකය සහ ණය කාලසීමාව වැනි තොරතුරු ඇතුළත් කිරීමෙන් එම ණය මුදලට අදාළ වූ මාසික ගෙවීම් පිළිබඳව ඇස්තමේන්තුවක් ලබාගත හැක. එසේම ණය කාලසීමාව පුරාවට ඔබ විසින් ගෙවිය යුතු මුළු පොලියද මෙමගින් ගණනය කරගත හැක. ඔබගේ මූල්‍යමය තත්ත්වයන්ට හා හැකියාවන්ට උචිත පුද්ගලික ණයක් තෝරාගැනීමට මෙමගින් හැකියාව සැලසේ.
සමහර පුද්ගලික ණය ගණක යන්ත්‍ර මගින් ඔබට අවශ්‍ය ණය මුදලේ ස්ථාවර ගාස්තු අනුපාත,ආපසු ගෙවීමේ කොන්දේසි ආදී තොරතුරු සංසන්දනාත්මකව ඉදිරිපත් කරයි. ඔබගේ අවශ්‍යතාවන් සහ අයවැයන්ට වඩාත් උචිත ණය ක්‍රමයක් තෝරා ගැනීමට මෙයින් පහසුකම් සලසා දෙයි. ඔබගේ ණය ලකුණු, ආදායම් සහ අනෙකුත් මූල්‍ය තොරතුරු සලකා බැලීමට ලක්කර, එම සාධක මත පදනම්ව ණයක කොන්දේසි හා නියමයන් වෙනස් වන ආකාරයට, පුද්ගලික ණයක් සදහා ඇස්තමේන්තුවක් ලබාගැනීමට මෙමගින් හැකියාව සලසා දී ඇත.
පුද්ගලික ණය කැල්කියුලේටරයක් යනු, පුද්ගලික ණය පහසුකමක් සලසා ගැනීම පිළිබඳව සලකා බලන ඕනෑම පුද්ගලයෙකු හට වටිනා මෙවලමක් වන අතර, ඔබගේ ණය මුදලට අදාළ වූ එක් එක් පිරිවැයන් ගණනය කිරීම් මගින් අනාගත මූල්‍ය කටයුතු මනාව කළමනාකරණයට හා සැලසුම්කරණයට ලක්කර ගතහැක.
නිගමනය.
අවසාන වශයෙන්, හදිසි මූල්‍යමය අවශ්‍යතාවකට මුහුණ දී සිටින ඕනෑම පුද්ගලයෙකු හට, පුද්ගලික ණය පහසුකමක් සදහා ඉක්මනින් හා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාවක් පවතී. ඔබගේ මූල්‍ය අවශ්‍යතාවන් නිසියාකාරව හදුනාගෙන, ඒවාට උචිත ණය කොන්දේසි, නියමයන් හා ගාස්තු අනුපාත වලින් යුතු ණය පහසුකමක් තෝරා ගැනීම මගින්, ඔබගේ මූල්‍ය තත්ත්වයන් නිසියාකාරව පවත්වාගෙන යාමේ හැකියාව සලසා දෙනු ලබයි. ඔබගේ මූල්‍ය අවශ්‍යතාව අනුව විවිධ ණය ලබාදෙන්නන් විසින් ඉදිරිපත් කරනු ලබන විකල්පයන්ට අදාළ වූ ණය කොන්දේසින් සහ සියුම් මුද්‍රණයන් හොදින් කියවා අවබෝධ කරගැනීම ඉතාමත් වැදගත්ය. අනතුරුව එම විකල්පයක් එකිනෙකට සංසන්දනය කොට ඔබට උචිතම ණය පහසුකමක් තෝරා ගැනීමෙන් අනාගතයේ මුහුණදීමට සිදු විය හැකි මූල්‍ය දුෂ්කරතා සහ අපහසුතාවන් මගහරවා ගැනීමට හැක.
පුද්ගලික ණය ක්‍රමයේදී බොහෝ ප්‍රතිලාභ මෙන්ම යම් ආකාරය අවදානමක්ද පවතී. කිසිදු ඇපකරයක් හෝ ඇපකරුවෙකු නොමැතිව, ඉක්මනින් අනුමැතිය ලබාගත හැකි මෙම පුද්ගලික ණය පහසුකම් ඔබගේ එදිනෙදා තීරණාත්මක මූල්‍ය තත්වයන් වලට ඉමහත් පිටුවහලකි. මෙම මාර්ගෝපදේශනයේ දක්වා ඇති උපක්‍රම හා ඉගි අනුගමනය කිරීමෙන්, ඔබගේ ණය අනුමත වීමේ අවස්ථාව වැඩි කර,තම මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමේ හැකියාව ලබාදෙයි.
ණය තහවුරු කිරීමක්, අනපේක්ෂිත වියදම් පියවා ගැනීමක් හෝ ආයෝජනයක් කිරීමක්, වැනි ඕනෑම අවශ්‍යතාවක් සදහා ක්ෂණික පුද්ගලික ණය පහසුකමක් යනු ඉතා වටිනා මූල්‍ය මෙවලමකි. යම් වේලාවක් ගෙන ඔබගේ ණය අවශ්‍යතාව සහ ලබාගත හැකි මූල්‍ය පහසුකම පිළිබඳව හොදින් අධ්‍යනය කිරීමෙන් වඩාත් විශ්වාසදායී හා දැනුවත්භාවයකින් යුතුව ඔබගේ ණය මුදල කරා පියමැනීමට හැක. සාර්ථකත්වයේ යතුර වන්නේ වගකිවයුතු ආකල්පයන්ගෙන් යුතුව ණය ලබාගැනීම, නියමිත වේලාවට ආපසු ගෙවීම සහ ස්ථාවර මූල්‍ය අනාගතයක් සහතික කිරීම සඳහා නිරන්තර මූල්‍ය තත්ව අධීක්ෂණයයි.