අද ශ්‍රී ලංකාවේ හදිසි මුදල් ණයක්

ශ්‍රී ලංකාවේ හදිසි මුදල් ණය ක්‍රමයන් පිළිබඳව අවබෝධ කර ගැනීම.

1. හදිසි මුදල් ණයක් යනු කුමක්ද?

පුද්ගලයෙකු හට එදිනෙදා තම ජීවිතයේ මුහුණ පෑමට සිදුවන හදිසි මුල්‍යමය අවශ්‍යතා සදහා කඩිනම් මූල්‍යමය පහසුකමක් සැලසීම “හදිසි මුදල් ණය”,එසේත් නැතිනම් “කෙටි කාලීන ණය පහසුකම්” ලෙස හැදින්වේ. වෛද්‍ය බිල්පත්, මෝටර් රථ අලුත්වැඩියාවන් වැනි එදිනෙදා තම ජීවිතයේ හටගන්නා හදිසි මූල්‍යමය අවශ්‍යතා සදහා කඩිනම් විසදුමක් ලබා ගැනීමේ හැකියාවක් පැවතීම නිසා බොහෝ දෙනෙකුගේ අවධානය මෙම ණය ක්‍රමය කෙරෙහි යොමු වී ඇත.

2. ඔබට හදිසි මුදල් ණයක් අවශ්‍ය විය හැක්කේ ඇයි?

යමෙකුට හදිසි මුදල් ණයක් අවශ්‍ය වීමට විවිධාකාර වූ හේතු සාධක තිබිය හැක. හදිසි වෛද්‍ය අවශ්‍යතා, හදිසි වාහන අලුත්වැඩියාවන් වැනි කුමන හෝ ආකාරයක හදිසි මූල්‍යමය අවශතාවක් පියවා ගැනීම සදහා පැය කිහිපයක් තුල ඉක්මන් ණය පහසුකමක් ලබා ගැනීමේ හැකියාව පවතී.

3.සාම්ප්‍රදායික ණය ක්‍රමයකින්ගෙන් හදිසි මූල්‍ය ණය ක්‍රමය වෙනස් වන්නේ කෙසේද?

සාම්ප්‍රදායික ණය පහසුකමකින්, හදිසි ණය ක්‍රමය වෙනස් වන ආකාර බොහෝමයක් ඇත. හදිසි ණය සෑම විටම ඉක්මන් පියවර අනුගමනය කරන අතර,සාමාන්‍යයෙන් පැය 24 සිට පැය 48ක් වැනි කාල පරාසයකදී සියලුම අනුමත කිරිම් ක්‍රියාවලි නිමකොට මුදල් අතට ලබාගැනීමේ හැකියාවක් පවතී. නමුත් සාම්ප්‍රදායික ණය පහසුකමක් සදහා අයදුම් කිරීමේදී මෙම සම්පූර්ණ ක්‍රියාවලියට නිමකොට මුදල් අතට ලබාගැනීමට දින කිහිපයක් හෝ සති කිහිපයක් ගත විය හැක.

තවද, හදිසි මුදල් ණය,සාම්ප්‍රදායික ණය වලට වඩා කුඩා මුදල් ප්‍රමාණයක් කෙටි කාල සීමාවක් සදහා ලබා දෙන අතර,සාම්ප්‍රදායික ණය මුදලක් ලබා ගැනීමේදී අඩු ගාස්තුකට අදාළව දිගු කාලයක් සදහා වූ වැඩි මුදලක් ලබාගත හැක.

4. හදිසි ණය මුදලක් ලබාගැනීමේදීඇතිවිය හැකි අවදානම් මොනවාද?

කෙටි කාලීන හදිසි මුල්‍ය ණය, එදිනෙදා පැන නගින තම හදිසි මූල්‍ය අවශ්‍යතා සදහා ප්‍රයෝජනවත් විසඳුමක් විය හැකි නමුත් ඒවා යම් අවදානමක් සහිත මූල්‍ය විසදුමකි. මෙම ණය හා සම්බන්ධව පවතින ඉහළ ගාස්තු අනුපාත සහ ගාස්තු මෙහි මූලික අවධානමක් ලෙස සදහන් කර හැක. ණය ගැණුම්කරුවන් මෙම කෙටි කාලීන ණය පහසුකම් වල ඇති කොන්දේසින් සහ නියමයන් පිළිබඳව හොඳින් සලකා බැලිය යුතු අතර, නියමිත වේලාවට තම ණය ආපසු ගෙවීමට හැකි බවට සහතික කරගත යුතුය. එසේ කිරීමට අපොහොසත් වීමෙන් ,අමතර ගාස්තු සහ ඉහළ ගාස්තු අනුපාත ඇති විය හැකි අතර, එය තමන්ගේ සාමාන්‍ය මූල්‍යමය චක්‍රයට බලපෑමක් ඇති කර හැක.

ශ්‍රී ලංකාවේ ඇති “හදිසි මුදල් ණය” වර්ග:-

ශ්‍රී ලංකාවේ සිටින බොහෝ දෙනෙකුගේ තම හදිසි මූල්‍යමය අවශ්‍යතා සඳහා ප්‍රයෝජනවත් විසඳුමක් ලෙස “හදිසි මුල්‍ය ණය” ක්‍රමය සදහන් කරහැක. ඔබ මූල්‍යමය දුෂ්කර අවස්තාවකට හෝ මුදල් සඳහා ඉක්මන් ප්‍රවේශයක් අවශ්‍ය අවස්තාවකට මුහුණ දී සිටින්නේ නම්, ඔබට සලකා බැලිය හැකි හදිසි මුදල් ණය වර්ග කිහිපයක් ශ්‍රී ලංකාව තුළ පවතී. එයින් කිහිපයක් පහත දැක්වේ.

1.පුද්ගලික ණය. (Personal Loans)

පුද්ගලික ණයක් යනු ඔබට හදිසි අවස්ථාවකදී ඇතිවන මුල්‍යමය අවශ්‍යතාවක් හෝ අරමුණක් ඉටුකර ගැනීම සඳහා භාවිතා කළ හැකි අනාරක්ෂිත ණය ක්‍රමයකි. ඔබට බැංකුවකින්, ණය සමිතියකින් හෝ මාර්ගගත ණය දෙන්නෙකු මාර්ගයෙන් පුද්ගලික ණය පහසුකමක් සඳහා ඉල්ලුම් කළ හැකි අතර, සාමාන්‍යයෙන් මෙම ණය සදහාම වූ එකිනෙකට වෙනස් කොන්දේසින් හා ස්ථාවර ගාස්තු අනුපාත අදාළ ණය ලබාදෙන්නන් විසින් ඉදිරිපත් කරනු ලැබේ.

2.වැටුප් ණය. (Payday Loans)

සාමාන්‍යයෙන් ඔබගේ ඊළඟ වැටුප් දිනයේ ගෙවිය යුතු කෙටි කාලීන ණය වර්ගයක් ලෙස වැටුප් ණය (Payday Loan) හැදින්විය හැක. මෙම ණය පහසුකම් හරහා සාමාන්‍යයෙන් කුඩා මුදල් ප්‍රමාණයකට ඉල්ලුම් කර හැකි අතර, ඉහළ ගාස්තු අනුපාත සහ ගාස්තු වලින් සමන්විත වේ. මාර්ගගත ණය දෙන්නන්, උකස් සාප්පු හෝ වෙනත් ණයදෙන ආයතනයන් හරහා මෙම ණය පහසුකම් ලබාගැනීමේ හැකියාවක් පවතී.

3.ණයපත් අත්තිකාරම්. (Credit Card Advances)

ණයපත් අත්තිකාරමක් යනු, ඔබේ ක්‍රෙඩිට් කාඩ් ශේෂ සීමාවට අමතරව ලබාගැනීමට හැකියාව සලසා ඇති ණය අත්තිකාරම් ක්‍රමයකි. මෙය ඉක්මනින් මුදල් ලබා ගැනීමට හැකි පහසු ක්‍රමයක් වන අතර, සැලකිය යුතු ඉහළ ගාස්තු අනුපාත සහ ගාස්තු සමඟ පැමිණේ. ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් සමාගමෙන් හෝ ATM යන්ත්‍රයක් හරහා ණය අත්තිකාරමක් ලබා ගැනීමේ හැකියාවක් හැක.

4. ක්ෂුද්‍ර මූල්‍ය ණය. (Micro-finance loans)

ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු, සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික බැංකු සේවා හරහා ණය පහසුකමක් සලසා ගැනීමට ප්‍රවේශය නොමැති අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා ලබා දෙන කුඩා ප්‍රමාණයේ ණය පහසුකමකි. තමන්ගේ හදිසි මූල්‍යමය අවශ්‍යතාවන් ඇතුළු විවිධ අරමුණු සඳහා භාවිතා කළ හැකි ණය පහසුකමක් ලෙස මෙය සදහන් කරහැක. විශේෂිත ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් සහ සමහර බැංකු මාර්ගයෙන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකමක් ලබා ගැනීමේ හැකියාව පවතී.

සෑම ආකාරයකම හදිසි මුදල් ණය සේවාවන් සදහා ඒවාට අදාළ වූ වාසි සහ අවාසි ඇත.ඕනෑම ආකාරයක ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමට පෙර එම ණය පහසුකමට අදාළ වූ කොන්දේසීන්, නියමයන් සහ අමතර ගාස්තු ආදිය පිළිබඳව හොඳින් සලකා බැලීමට වගබලා ගත යුතුය. ඊට අමතරව, ඔබගේ අවශ්‍යතාවයට අනුකූල වන පරිදි ආපසු ගෙවීමේ හැකියාව පවතින මුදල් ප්‍රමාණයක් ලබාගැනීමට වගබලා ගත යුතුය. මන්ද නිසි කාල සීමාව තුලදී ඔබේ ණය ආපසු ගෙවීමට අපොහොසත් වීමෙන්, එය ඔබගේ පෞද්ගලික ණය ලකුණු වලට බලපෑමක් ඇතිකරන අතර සැලකිය යුතු අමතර ගාස්තු සදහාද මුහුණ පෑමට සිදු වේ.

ශ්‍රී ලංකාවේදී හදිසි මුල්‍ය ණය පහසුකමක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?

එදිනෙදා පැනනගින අවිනිශ්චිත හෝ හදිසි මූල්‍යමය අවස්ථාවන් සදහා මුහුණ දෙන ඕනෑම පුද්ගලයකු හට හදිසි මුදල් ණයක් සඳහා අයදුම් කිරීමේ හැකියාවක් ඇත. ශ්‍රී ලංකාවේදී හදිසි මුදල් ණයක් සඳහා අයදුම් කරන පුද්ගලයෙකු සලකා බැලිය යුතු වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ.

1.හදිසි මුදල් ණයකට අයදුම් කිරිම සදහා අවශ්‍ය වන ලියකියවිලි මොනවාද?

හදිසි මුදල් ණයක් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි, එම ණය ලබාගැනීමට අදාළ වු ආයතනයන් හෝ පුද්ගලයන් මත පදනම්ව එකිනෙකට වෙනස් විය හැක. සාමාන්‍යයෙන් බොහෝ අවස්තාවන්හීදී ඔබට හඳුනාගැනීමේ සාක්ෂි, ආදායම් සාක්ෂි සහ බැංකු ප්‍රකාශයන් ආදි තොරතුරු සැපයීමට සිදුවනු ඇත. සමහර ණය දෙන ආයතන විසින් රැකියා පිළිබඳ සාක්ෂි, උපයෝගිතා බිල්පත් හෝ කුලී ගිවිසුම් වැනි අමතර ලියකියවිලි ඉල්ලා සිටි හැකි අතර, ඔබට අවශ්‍ය සියලුම ලියකියවිලි ඇති බවට සහතික කර ගැනීම සඳහා,ණය දෙන ආයතනය සමඟ කලින් සම්බන්ධ වී පරීක්ෂා කිරීමක් කර බැලීම වඩාත් සුදුසු වේ.

  1. හදිසි මුදල් ණයක් ලබාගැනීමට සපුරාලිය යුතු සුදුසුකම් සහ නිර්ණායක මොනවාද?
    ශ්‍රී ලංකාවේ හදිසි මුදල් ණයක් සඳහා අයදුම් කිරීමේදී,ඒවාට අදාළ වූ සුදුසුකම් සහ නිර්ණායක, ණය දෙන්නන් හා එම ආයතනයන් අනුව එකිනෙකට වෙනස් වේ. කෙසේ වෙතත් මෙම ණය පහසුකමක් ලබාගැනීමට, ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ පදිංචිකරුවෙකු වීම, ස්ථාවර ආදායම් මාර්ගයක් තිබීම සහ නීත්‍යානුකූල වයස(20 හෝ ඊට වැඩි) සපුරා තිබීම,ආදී පොදු කාරණා සපුරාලිය යුතු වේ. සමහර අවස්තාවන්හීදී ණය ලබාදෙන ආයතන විසින් එම පුද්ගලයන්ගේ අවම ණය ලකුණු ප්‍රමාණය හෝ රැකියා ඉතිහාසය පිළිබඳවද සැලකීමට ලක් කරයි. එම ණය ලබාදෙන ආයනතන්ට අදාළ වූ සුදුසුකම් සහ අවශ්‍යතා සපුරාලන බව සහතික කරගැනීම සඳහා ණය දෙන්නා සමඟ කලින් සම්බන්ධ වී තොරතුරු පරීක්ෂා කර බැලීම වඩාත් සුදුසු වේ.

3. ශ්‍රී ලංකාවේ හදිසි මුදල් ණය පහසුකමක් ලබාගැනීම සඳහා අයදුම් කළ හැකි ආයතනයන් මොනවාද?

ශ්‍රී ලංකාවේදී රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මූල්‍ය සමාගම්, අන්තර්ජාල ණය ලබා දෙන ආයතන,හෝ තවත් එවැනි වූ ආයතනයන් හරහා ඔබට හදිසි මුදල් ණය පහසුකමක් සලසා ගැනීමේ හැකියාවක් පවතී. ඒවා අතුරින්, කොමර්ෂල් බැංකුව, HNB, මහජන බැංකු සහ ලෝන්සිංග් (Loan Singh) යන බැංකු හා ආයතනයන් විශේෂ වේ. තවද, CashX වැනි මාර්ගගත ණය ලබාදෙන වේදිකා මගින්, ඔබට නිවසේ සිටම හදිසි මුදල් ණය සඳහා අයදුම් කිරීමේ සහ ණය ලබා ගැනීමේ හැකියාව සලසා දී ඇත.

හදිසි මුල්‍යමය ණය පහසුකමක් සදහා අයදුම් කිරීමේ ක්‍රියාවලියට කොපමණ කාලයක් ගතවේද?

ශ්‍රී ලංකාවේ හදිසි මුදල් ණය අයදුම්පතක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය ණය දෙන්නා සහ ණය වර්ගය අනුව වෙනස් විය හැක. සමහර අවස්ථාවන් වලදී, ඔබට මිනිත්තු කිහිපයක් තුළ ණය අයදුම් කිරීමේ ක්‍රීයාවලිය මාර්ගගතව සම්පූර්ණ කිරීමට එම ආයතන විසින් පහසුකම් සලසා දෙනු ලබයි. තවත් විටෙක සමහර ණය ලබා දෙන ආයතන විසින් අමතර ලියකියවිලි සහ දිගු සැකසුම් කාලයක් ලබාගනී.එම නිසා වඩාත් යෝග්‍යමත් උපක්‍රමයක් ලෙස, අයදුම් කිරීමේ ක්‍රියාවලියට කොපමණ කාලයක් ගතවේද යන්න ඇස්තමේන්තුවක් ලබා ගැනීමට ණය ලබාදෙන ආයතනය හා සම්බන්ධ වී කලින් පරීක්ෂා කර බැලීක සුදුසු වේ.

සාරාංශයක් ලෙස, ශ්‍රී ලංකාව තුළ හදිසි මුදල් ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමේදී, අවශ්‍ය සියලුම ලියකියවිලි ළග තබා ගැනීම, සුදුසුකම් නිර්ණායක සපුරාලීම සහ පහසු අයදුම් කිරීමේ ක්‍රියාවලියක් සහිත පිළිගත් ණය ලබාදෙන ආයතනයක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ.

4.නිවැරදි හදිසි මුදල් ණයක් තෝරා ගැනීම සඳහා උපදෙස්;

1. ගාස්තු අනුපාත සහ ගාස්තු සසදා බැලීම.

විවිධ ණය ලබාදෙන ආයතන විසින් ඒවාට අදාළ වූ එකිනෙකට වෙනස් ආකාරයේ ගාස්තු අනුපාත සහ ගාස්තු පිරිනැමීම සිදු කරයි. එම විවිධ ණය දෙන්නන්ගේ කොන්දේසින් සහ ගාස්තු සංසන්දනය කොට ඔබේ අයවැයට ගැලපෙන පරිදි ණය පහසුකමක් සොයා ගැනීම ඉතාමත් වැදගත් වේ. නිදසුනක් වශයෙන්, ණයෙහි මුළු පිරිවැය පිළිබඳ වඩාත් හොඳ අදහසක් ලබා ගැනීම සඳහා, ණයවල වාර්ෂික ගාස්තු ප්‍රතිශතයන් හා අනුපාතයන් (APR) සංසන්දනය කිරීම වැදගත් වන බවට Forbes විසින් නිර්දේශ කර ඇත.

2.ආපසු ගෙවීමේදී නම්‍යශීලී කොන්දේසි සහ ගාස්තු ඇතුළත් වන්නේදැයි සොයා බලන්න.

මූල්‍යමය ණය පහසුකම සලසා ගැනීමට බලාපොරොත්තු වන ආයතනයන් හා ණය වර්ගයට අනුව, ඒවාට අදාළ වූ ආපසු ගෙවීමේ ගාස්තුන් සහ කොන්දේසින් එකිනෙකට වෙනස් වේ. සමහර ණය දෙන්නන් හෝ ආයතන විසින් තම ණය ලබාගන්නන් හට වඩා නම්‍යශීලී හා ආපසු ගෙවීමේ විකල්ප ඉදිරිපත් කරයි. දිගු ආපසු ගෙවීමේ කාල සීමාවන් හෝ, දඩ මුදල් නොමැතිව අමතර ගෙවීම් කිරීමේ හැකියාව වැනි, නම්‍යශීලී ආපසු ගෙවීමේ කොන්දේසි ලබා දෙන ණය ආයතන පිළිබඳව සොයා බැලීම වැදගත් වේ.

  1. මූල්‍යමය පහසුකම සලසා ගැනීමට බලාපොරොත්තු වන ආයතනයේ කීර්තිය පිළිබඳව සොයා බලන්න.

ඔබගේ සොයාබැලීම් හා පර්යේෂණ මගින් පිළිගත් ණය ලබාදෙන්නෙකු තෝරා ගැනීම ඉතාමත් වැදගත් වේ. ආයතනය සමග ගණුදෙනු කළ පෙර පාරිභෝගිකයින්ගේ සමාලෝචන සහ ශ්‍රෙණිගත කිරීම් පිළිබඳව සොයා බැලීමෙන් ණය ලබාගන්නා ආයතනය පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැක. ණය දෙන්නාට එරෙහිව කිසියම් පැමිණිල්ලක් ගොනු කර තිබේදැයි බැලීමට ඔබට Better Business Bureau වැනි සංවිධාන සමඟ පරීක්ෂා කර බැලීමේ හැකියාවක් පවතී.

  1. ගිවිසුම අත්සන් කිරීමට පෙර එයට අදාළ වූ කොන්දේසින් සහ සියුම් මුද්‍රණ හොදින් කියවා අවබෝධයක් ලබා ගන්න.

ණය ගිවිසුමක් අත්සන් කිරීමට පෙර,එය හොඳින් කියවා ඒවාට අදාළ වූ කොන්දේසි සහ සියුම් මුද්‍රණ පිළිබඳව අවබෝධයක් ලබාගැනීම ඉතාමත් වැදගත් වේ. ආපසු ගෙවීමේ නියමයන්, ගාස්තු අනුපාත, ගාස්තු සහ වෙනත් ඕනෑම වැදගත් විස්තර මේවායේ අඩංගු වියහැකි අතර, ඒවා කෙරෙහි හොදින් අවධානය යොමු කිරීමට වගබලා ගත යුතු වේ.ඔබට නොතේරෙන යම්කිසි දෙයක් එහි අඩංගු වන්නේ නම්, ගිවිසුම අත්සන් කිරීමට පෙර එය පිළිබඳව ණය දෙන්නාගෙන් හෝ ඊට අදාළ නිළධාරියා සමග සාකච්ඡා කොට නිරාකරණය කරගැනීමට වග බලාගත යුතුය.

5.නිගමනය

ඕනෑම පුද්ගලයකු හට, ඕනෑම ස්ථානයකදී සහ ඕනෑම වේලාවකදී හදිසි මූල්‍යමය අවශ්‍යතාවකට මුහුණ පෑමට සිදුවිය හැක.එවැනි අවස්ථාවන්හිදී, ඉක්මන් මුල්‍යමය ණය සහනයන් සඳහා ප්‍රවේශයක් තිබීම, එම තත්වය නිරාකරණය කරගැනීමට මෙන්ම එය විසදා ගැනීමට මහත් පිටිවහලක් විය හැකිය. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය සමග දිනෙන් දින ඉහළ යන මිල ගණන් සහ අධික ණය බර සදහා පිළියමක් ලෙස, හදිසි මුදල් ණය ලබාගැනීමට බොහෝ දෙනෙකුගේ නැඹුරුතාවක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන හා ණය ලබා දෙන්නන් විසින් සිය පාරිභෝගිකයන් හට විවිධ අවශ්‍යතා වලට සරිලන ආකාරයේ හදිසි මුදල් ණය ක්‍රම හදුන්වා දී ඇත. ක්ෂණික මුදල් ණය ක්‍රමය, මෙම ක්‍රම අතුරින් වඩාත් ප්‍රචලිත හා පරිශීලනය වන පහසුකමක් ලෙස සදහන් කලහැක. ණය ගැනුම්කරුට අවශ්‍ය මුදල ණයට ගැනීම සඳහා ඇපයක් ලෙස කිසිදු වත්කමක් තැබීමට අවශ්‍ය නොවන හෙයින් මෙය අනාරක්ෂිත ණය ක්‍රමයක් ලෙස සදහන් කරහැක. මෙම ණය ක්‍රමයේදී ඉක්මන් හා සරල ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමෙන්, තම මූල්‍ය අවශ්‍යතාව සපුරාලීමට හැකියාව සලසා ඇති නිසා, එය හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති ඕනෑම කෙනෙකු හට වඩාත් ප්‍රයෝජනවත් ක්‍රමයක් ලෙස සදහන් කරහැක.

තවත් එවැනිම වූ වඩාත් ප්‍රචලිත මුදල් ණය වර්ගයක් ලෙස “ගෙවුම් දින ණය” සදහන් කරහැක. මෙම ණය ක්‍රමය පුද්ගලයන්ගේ වැටුප් සහ චෙක්පත් අතර පරතරය පියවා ගැනීමට උපකාර ආකාරයට සැලසුම් කොටඇත. ගෙවීම් ණය යනු සාමාන්‍යයෙන් කුඩා, කෙටි කාලීන ණය පහසුකමක් වන අතර, ඒවා ණය ගැනුම්කරුට ඔවුන්ගේ ඊළඟ වැටුප් දිනයේදී සම්පූර්ණයෙන් ගෙවා දැමිය හැක.

ශ්‍රී ලංකාව තුළ හදිසි මුදල් ණයක් අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා තවත් උචිත විකල්පයක් ලෙස පුද්ගලික ණය ක්‍රමය හදුන්වා දිය හැක.මෙය සාමාන්‍යයෙන් අනාරක්ෂිත ණය පහසුකමක් වන අතර, ක්ෂණික මුදල් ණයවලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් තම ගැනුම්කරුවා හට ලබා ගැනීමේ හැකියාව සලසා ඇත. හදිසි වෛද්‍ය වියදම්, මෝටර් රථ අලුත්වැඩියාව සහ නිවාස වැඩිදියුණු කිරීම් වැනි විවිධ අරමුණු සඳහා මෙම ණය පහසුකම භාවිතා කරහැක.

ඔබගේ අවශ්‍යතා සඳහා නිවැරදි ණයක් තෝරාගැනීමට සලකා බැලිය යුතු කරුණු කිහිපයක් ඇත. පළමුව, ඔබ ලබාගැනීමට බලාපොරොත්තු වන ණය පහසුකමහි ගාස්තු අනුපාත පිළිබඳව සලකා බැලිය යුතු වේ. ඉහළ ගාස්තු අනුපාත වලට යටත්ව ණය මුදලක් ලබා ගැනීම මගින්,එම ණය ආපසු ගෙවීමට අපහසු වියහැක.දෙවනුව, ඔබ ලබාගැනීමට බලාපොරොත්තු වන ණය මුදල ඔබට දැරිය හැකි සහ ආපසු ගෙවිය හැකි මුදලක් බවට සහතික කර ගැනීම සඳහා, එයට අදාළ වූ ණය ආපසු ගෙවීමේ කොන්දේසි පිළිබඳව වඩාත් හොදින් සලකා බැලිය යුතු වේ. අවසාන වශයෙන්, ණය ගැතියන් හට තම අවශ්‍යතාවය සදහා වඩාත් උචිතම ගනුදෙනුවක් තෝරාගැනීමට විවිධාකාරයේ අයතන මගින් පිරිණමන ලද ණය පහසුකම් පිළිබඳව සංසන්දනය කර බැලිය හැක.

අවසාන වශයෙන්, ඔබගේ හදිසි අවශ්‍යතා සදහා, “හදිසි මුදල් ණය” පහසුකම ජීවිතාරක්ෂණයක් ලෙස සදහන් කරහැක. ශ්‍රී ලංකාවේ විවිධ බැංකු හා මූල්‍ය ආයතන විසින්, ක්ෂණික මුදල් ණය, ගෙවීම් ණය සහ පුද්ගලික ණය ඇතුළුව විවිධ වර්ගයේ වූ ණය පහසුකම් බොහොමයක් තම ණය ගැනුම්කරුවන් හට හදුන්වා දී ඇත.කෙසේ වෙතත්,මෙම ණය පහසුකමක් ලබා ගැනීමට පෙර ඒවාට අදාළ වූ ගාස්තු අනුපාත සහ ආපසු ගෙවීමේ කොන්දේසින් පිළිබඳව හොදින් සලකා බැලිය යුතුවේ. ඉන්පසුව එම විවිධ ණය දෙන්නන්ගේ තොරතුරු සංසන්දනය හා විශ්ලේෂණය කර බැලීමෙන්, තම මූල්‍යමය අවශ්‍යතාව සදහා වඩාත් උචිත වන නිවැරදි තීරණයක් කරා එළැඹීමේ හැකියාව ඇත.