ඔබ කඩිනම් මූල්‍ය අවශ්‍යතාවකින් පසුවන්නේ නම්, ශ්‍රී ලංකාව තුළදී තෝරා ගත හැකි විවිධ ණය විකල්පයන් බොහොමයක් ඇත. මෙම ලිපිය මගින් ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ණය පහසුකමක් සකසා ගැනීමට ඇති හොඳම ක්‍රම 9ක් පිළිබඳව ගවේෂණය කර සිටින අතර, ඔබගේ අවශ්‍යතාවන් සඳහා උචිතම ණය විකල්පය තෝරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දීමට කටයුතු කර ඇත. අපි ඒ පිළිබඳව තවදුරටත් සොයා බලමු.
බැංකු ණය
බැංකු යනු ශ්‍රී ලංකාවේදී මූල්‍ය ණය පහසුකමක් ලබා ගැනීමට හැකි ජනප්‍රියම මූල්‍ය ආයතන වර්ගයයි. ඔවුන් විසින් පුද්ගලික ණය, ව්‍යාපාර ණය හා වාහන ණය වැනි පුළුල් පරාසයක විහිදී ගිය ණය විකල්පයන් තම පාරිභෝගිකයි සදහා ඉදිරිපත් කර සිටියි.
බැංකු ණය පහසුකමක් වෙත අයදුම් කිරීමේදී ඔබට ජාතික හැඳුනුම්පතක්, ආදායම් සාක්ෂි සහ ණය ඉතිහාසය ආදිය සම්බන්ධ ලියකියවිලි කිහිපයක් සැපයීමට අවශ්‍ය වනු ඇත.
බැංකු ණයවල ඇති ප්‍රතිලාභයන් හා අවාසි කිහිපයක් පහතින් දැක්වේ:
වාසි-
- තරඟකාරී ගාස්තු අනුපාත
- නම්‍යශීලී ආපසු ගෙවීමේ කොන්දේසි
- විශ්වසනීයත්වය සහ ආරක්ෂාව
අවාසි-
- දිගු අයදුම් කිරීමේ ක්‍රියාවලි
- දැඩි සුදුසුකම් නිර්ණායක
- ඇපකර අවශ්‍ය වීම
උකස් සාප්පු
ශ්‍රී ලංකාවේ උකස් සාප්පු ලෙසින් හැඳින්වෙන උකස් මධ්‍යස්ථානයන් යනු කඩිනම් මූල්‍ය ණය පහසුකමක් සලසා ගැනීම සදහා ඇති තවත් ජනප්‍රිය ක්‍රමයකි. ඔබට ණය පහසුකමක් ලබාගැනීම වෙනුවෙන් රන් ආභරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ හෝ වාහන වැනි වටිනා භාණ්ඩයන් ඇපයට තැබිය හැකිය.ෙ
උකස් සාප්පු මගින් සාමාන්‍යයෙන් බැංකුවලට සාපේක්ෂව ඉහළ ගාස්තු අනුපාතයක් අය කර සිටින බැවින්, ඔවුන් විසින් ඉදිරිපත් කරන උකස් ණය නියමයන් සහ කොන්දේසි පිළිබඳව හොඳින් කියවා අවබෝධ කරගැනීමට මතක තබා ගත යුතුය.
උකස් සාප්පු වල ප්‍රතිලාභයන් හා අවාසි පහත ආකරායට වේ:
වාසි-
- කඩිනමින් මුදල් ලබාගැනීමේ හැකියාව.
- ණය පරික්ෂා කිරීම් නොමැති වීම.
- පහසු සහ සරල ක්‍රියාවලිය.
අවාසි-
- බැංකු වලට සාපේක්ෂව ඉහල ගාස්තු අනුපාතයන්ගෙන් යුක්ත වීම.
- ආපසු ගෙවීමට නොහැකි වුවහොත් ඇපයට තබා ඇති භාණ්ඩ අහිමි වීමේ අවදානම.
- ඇපකරයේ වටිනාකම මත ලබාගත හැකි ණය ප්‍රමාණයන් සීමා වීම.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන, අඩු ආදායම්ලාභීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමි අයවලුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කොට ඇත. ඔවුන් සාපේක්ෂව අඩු ගාස්තු අනුපාත සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ කොන්දේසි මත ණය ලබා දීමට කටයුතු කරයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් වල ඇති වාසි සහ අවාසි කිහිපයක් පහත දැක්වේ.
වාසි-
- කුඩා ව්‍යාපාර සහ ව්‍යවසායකයින් සඳහා ණය ලබාදීම.
- අවම ලියකියවිලි.
- සමහර අවස්ථාවලදී ඇපකර අවශ්‍ය නොවීම.
අවාසි-
- සාම්ප්‍රදායික බැංකුවලට වඩා වැඩි ගාස්තු අනුපාත තිබිය හැකි වීම.
- සීමිත ණය ප්‍රමාණයක් ලබාදීම.
- සමහර ආයතන විසින් දැඩි සුදුසුකම් නිර්ණායක ඉදිරිපත් කිරීම.
P2P ණය ක්‍රමය
P2P ණය දෙන වේදිකාවන් වලදී අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ගාස්තු අනුපාතයන් යටතේ මුදල් ණයට දීමට කැමති තනි ආයෝජකයකු සමඟ ණය ගැතියන් සම්බන්ධ වීමක් සිදුවේ. ශ්‍රී ලංකාවේ P2P ණය දෙන වේදිකා මගින් පුද්ගලික සහ ව්‍යාපාරික ණය ඇතුළු විවිධ ණය විකල්පයන් සලසා දෙනු ලබයි. P2P ණය ක්‍රමයේ ඇති ප්‍රතිලාභයන් සහ අවාසි පහත ආකාරයට වේ.
වාසි-
- තරඟකාරී ගාස්තු අනුපාත
- මාර්ගගත අයදුම් කිරීමේ ක්‍රියාවලි
- ඇපකර අවශ්‍ය නොවීම
අවාසි-
- ණය ලබාගැනීමෙ වේදිකා නියාමනය කර නොතිබීම.
- සාම්ප්‍රරදායික ණය ක්‍රමයන් හා සසඳා බලන විට තමාට අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට වැඩි කාලයක් ගත විය හැකි වීම.
- ඉහළ අවදානමක් සහිත ණය ලබා ගන්නන් සඳහා ණයගැතියන් සීමිත වීම.
ණයපත්
ණයපත් මගින් කෙටි කාලීන ණය අවශ්‍යතාවන් සඳහා මූල්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරයි. බොහෝ ශ්‍රී ලාංකික බැංකු විසින් ප්‍රතිලාභ ලකුණු, මුදල් ආපසු ගෙවීමේ දීමනා සහ ශේෂ මාරුවීම් සඳහා අඩු ගාස්තු අනුපාතයන්ගෙන් යුත් ආකර්ශනීය විශේෂාංග සහිත ණයපත් තම පාරිභෝගිකයන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කර ඇත. ණයපත් මගින් ලබාගන්නා ණය මුදල් ඉක්මනින් එකට එක එකතු විය හැකි බව මතක තබා ගතයුතු අතර,මෙම විකල්පයන් ඉතා වගකීමෙන් යුතුව භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.
වාසි-
- අරමුදල් වෙත කඩිනම් ප්‍රවේශයක් සලසා දීම.
- හදිසි අවස්ථා සඳහා පහසු විකල්පයන් සැපයීම.
- ත්‍යාග වැඩසටහන් ඉදිරිපත් කිරීම.
අවාසි-
- සෑම මසකම ලබාගත් ණය ප්‍රමාණය සම්පූර්ණයෙන් ගෙවා නොදමන්නේ නම් ඉහළ ගාස්තු අනුපාතයන් වලට යටත් වීමට සිදුවීම.
- පහසුවෙන්ම ණය එකතු වීම.
- හොඳ ණය ලකුණු ප්‍රමාණයක් පවත්වාගෙන යාම අවශ්‍ය විය හැක.
වැටුප් අත්තිකාරම්
ශ්‍රී ලංකාවේ සමහර සේවා යෝජකයින් විසින් හදිසි මුදල් අවශ්‍යතා ඇති තම සේවකයින් සදහා වැටුප් අත්තිකාරම් පිරිනමයි. මෙම ක්‍රමයේදී ඔබගේ අනාගත වැටුපෙන් කොටසක් ණයට ගැනීමට ඉඩ සලසා දෙනු ලබන අතර එය ඔබගේ ඊළඟ වැටුපෙන් අඩු කිරීමක් සිදු කරනු ලබයි.
වැටුප් අත්තිකාරම්වල ප්‍රතිලාභයන් පහත ආකාරයට වේ.
වාසි-
- ගාස්තු ගාස්තු නැත.
- පහසු සහ වේගවත් වේ.
- ඔබගේ ණය ලකුණු වලට බලපෑමක් නොකරයි.
අවාසි-
- ඔබගේ සේවායෝජකයාගේ ප්‍රතිපත්තිවලට සීමාවීම.
- අනාගත වැටුපහි අඩු වීමක් සිදුවේ.
- දිගුකාලීන විසඳුමක් නොවේ.
පවුල සහ යහළුවන්
විශේෂයෙන්ම ඔබට කුඩා මුදලක අවශ්‍යතාවක් වේනම්, පවුලේ කෙනෙකුගෙන් හෝ මිතුරෙකුගෙන් ණයට මුදලක් ලබා ගැනීම තවත් විකල්පයක් ලෙස සදහන් කරහැක. ඔබගේ ආදරණීයයන් සමඟ යහපත් සබඳතාවක් දිගටම පවත්වාගෙන යාම සඳහා මෙම ණය මුදල වෘත්තීයමය වශයෙන් සලකා කටයුතු කිරීමට මතක තබා ගත යුතුය.
වාසි-
- නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම.
- පොලියකට යටත් නොවීමට හෝ අඩු ගාස්තු අනුපාත හිමිවීම.
- ණය පරික්ෂාවන් සිදු නොකරයි.
අවාසි-
- පුද්ගලික සබඳතා මත ආතතියකට මුහුණදීමට සිදුවීම.
- නීතිමය රැකවරණයක් නොමැතිවීම.
- විශ්වාසනීය අරමුදල් සපයාගැනීමට හැකි මූලාශ්‍රයක් නොවීම.
ණය එකතු කරන්නන්.
ණය එකතු කිරීමේ වෙබ් අඩවි විසින් බහු ණය ලබාදෙන්නන් පිළිබඳව තොරතුරු සම්පාදනය කර සිටින අතර, ඔවුන් විසින් ඉදිරිපත් කරන ණය දීමනා එකිනෙක සංසන්දනය කර බැලීමට සහ ඔබගේ අවශ්‍යතා සඳහා හොඳම ණය පහසුකමක් තෝරා ගැනීමට ඉඩ සලසා දෙනු ලබයි. මෙම වේදිකා මගින් ඔබට තරඟකාරී ගාස්තු අනුපාත, නම්‍යශීලී ආපසු ගෙවීමේ කොන්දේසි සහ අනෙකුත් ආකර්ශනීය විශේෂාංග වලින් සමන්විත ණය පහසුකමක් සොයා ගැනීමට උපකාර කර සිටියි.
ඕනෑම ණය දීමනාවක් ලබාගැනීමට පෙර ඒවාට අදාළ වූ නියමයන් සහ කොන්දේසි පිළිබඳව හොඳින් කියවා අවබෝධ කරගැනීමට මතක තබා ගතයුතුය.
වාසි-
- ණය දීමනා පහසුවෙන් සසඳා බැලීමට ඇති හැකියාව.
- කාලය සහ ශ්‍රමය ඉතිරි කර ගැනීම.
- විකල්ප රාශියක් සැපයීමට කටයුතු කිරීම.
අවාසි-
- සැඟවුණු ගාස්තු තිබිය හැක.
- ණය අනුමැතිය පිළිබඳ සහතිකයක් නොමැති වීම.
- බහු ණය ලබාදෙන්නන් විසින් අලෙවිකරණ උපයෝගීතා සදහා සම්බන්ධතා ඇති කරගෙන සිටිය හැක.
CashX.lk
CashX.lk යනු කෙටි කාලීන ණය පහසුකම් ලබාගැනීම සඳහා ඉක්මන් සහ පහසු ප්‍රවේශයක් සපයන ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම අන්තර්ජාල වේදිකාවකි. මෙම වේදිකාව මගින් ණය ගැණුම්කරුවන් හා විශ්වාසනීය ණය ලබාදෙන්නන් සම්බන්ධ කර සිටින අතර,කිසිදු අපහසුතාවයකින් තොර ණය ලබාගැනීමේ අත්දැකීමක් ඒ හරහා සලසා දීමට කටයුතු සම්පාදනය කර ඇත.
CashX.lk හරහා ණය පහසුකමක් වෙත අයදුම් කිරීම සදහා, ඔබට ජාතික හැඳුනුම්පතක්, ආදායම් සාක්ෂි සහ ණය ඉතිහාසය වැනි මූලික ලියකියවිලි කිහිපයක් සැපයීමට අවශ්‍ය වනු ඇත. ඔබගේ අයදුම්පත අනුමත වූ පසු, ණය මුදල ඔබගේ බැංකු ගිණුම වෙත කෙලින්ම ලබා ගැනීමේ හැකියාව ඇත.
වාසි-
- කඩිනම් අනුමැතිය සහ මූල්‍ය පහසුකම් සලසා දීම.
- සරල මාර්ගගත අයදුම් කිරීමේ ක්‍රියාවලියකින් සමන්විත වීම.
- බහු ණය විකල්පයන් ඉදිරිපත් කර සිටීම.
අවාසි-
- සාම්ප්‍රදායික බැංකු වලට සාපේක්ෂව ඉහල ගාස්තු අනුපාතයන් තිබිය හැක.
- සහභාගී වන ණය දෙන්නන් හට පමණක් සීමා වී තිබීම.
නිගමනය
ශ්‍රී ලංකාවේ මූල්‍ය ණය පහසුකමක් සලසා ගැනීමට තෝරා ගතහැකි බොහෝමයක් විකල්පයන් ඇත. ණය ගැනීමේ ක්‍රමයක් තීරණය කිරීමට පෙර,ඔබට අවශ්‍ය ණය මුදල, ආපසු ගෙවීමේ නියමයන්, ගාස්තු අනුපාත සහ ඔබගේ ණය ලකුණු වැනි සාධක පිළිබඳව සලකා බැලිය යුතුවේ. ඔබගේ මූල්‍ය අවශ්‍යතාවන් සඳහා හොඳම විසඳුමක් සොයා ගැනීමට CashX.lk වෙතින් පිරිනමන ණය දීමනාවන් ඇතුළු විවිධ ණය ක්‍රමයන් පිළිබඳව පර්යේෂණ කර සිටීමට සහ සංසන්දනය කිරීමට වග බලා ගතයුතු වේ.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ණය පහසුකමක් සලසා ගැනීම සඳහා ඇති හොඳම ක්‍රම 9ක් පිළිබඳව මෙම සවිස්තරාත්මක මාර්ගෝපදේශය මගින් ඔබව දැනුවත් කිරීමට මෙන්ම එමගින් ඔබට උචිත වන දැනුවත් තීරණයක් කරා එළැඹීමට අවශ්‍ය තොරතුරු සපයා දීමට කටයුතු කර සිටින්නෙමු. ණය පහසුකමක් වෙත සතුටින් පියමනින්න!